ක්‍රිමියාව ආසන්නයේ ක්‍රෙච් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ගිනි ගැනීම හේතුවෙන් මියගිය 10 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇත.
අනතුරටපත් 14දෙනකු මුදවාගත් බවත් තවදුරටත් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීහු පවසති.
නැව් දෙක අතර ඉන්ධන හුවමාරුවක් සිදුකරන අවස්ථාවේ ගින්න හටගෙන ඇති බවත් ගින්නෙන් දිවි බේරාගැනීම සඳහා කාර්යමණ්ඩලයේ සාමාජිකයින් මුහුදට පැන ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
නැව් දෙකම ටැනිසානියානු ධජයන් යටතේ යාත්‍රාකර ඇති අතර 31ක් වූ කාර්යමණ්ඩලයෙන් 16ක් තුර්කි ජාතිකයින් ද 15ක් ඉන්දියානු ජාතිකයින් ද වන බව සඳහන් වේ.
අනතුර සිදුවන අවස්ථාවේ මුහුදේ කුණාටු සහිත තත්ත්වයක් පැවතුන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ක්‍රෙච් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නෞකා දෙකක් ගිනි ගැනීමෙන් 10 ක් මරුට