කිරිගිස්ථානයේ බිෂ්කේක් අගනුවර චීන තානාපති කාර්යාලයයේ ගේට්ටුව අසල මරාගෙන මැරෙන බෝම්බයක් පිපිරීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බෝම්බය දමාගත් කුඩා වෑන් රියක් කාර්යාලය අසලට ධාවනය කර පුපුරුවා හැර ඇතැයි ද චීන තානාපති කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාරය සිදු කර ඇතැයි ද එරට වාර්තා කියයි.

වෑන් රිය පදවාගෙන ආ ත්‍රස්තවාදියා මියගොස් ඇති අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු හා කතක තුවාල ලබා ඇත.

ප්‍රහාරයෙන් පසු දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි කියති. මෙය කිරිගිස්ථානයේ සිදුවූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ලෙස සැලකේ.

401 399  398 400