IMG-LOGO

කිර්ගිස්ථාන විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට කඩා වදිති

කිර්ගිස්ථානයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ විරෝධතාකරුවන් පිරිසක් ඒරට අගනුවර වන බිෂ්කෙක්හි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත.

පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙන් දුමක් පිටවන බවද ඒහි කොටස් ගිනිගෙන ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.
 
ධවල මන්දිරය ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට පෙර විරෝධතාකරුවෝ මධ්‍යම චතුරස්‍රයට රැස්විය.
 
විරෝධතාකරුවන් පෙර දිනයේ සිට පොලිසිය සමග ගැටුම් ඇතිකරගත් අතර ඔවුන් විසිරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ දුම් බෝම්බ ඒල්ල කර තිබිණි.
 
ඒහිදී ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් ඒක් අයෙකු මියගොස් 600කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
 
පසුගිය ඉරිදා (04) පැවැත්වුණු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශකිරීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් මෙම විරෝධතා ආරම්භ විය. සඳුදා(05) විරුදධ පක්ෂ 12ක් ඒ්කබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ඡන්ද ප්‍රථිපල තමන් පිළිනොගන්නා බවයි.
 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

කිර්ගිස්ථාන විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට කඩා වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site