එංගලන්තයේ බ්‍රිස්ටල් සත්ත්වෝද්‍යානයේ දුර්ලභ පිග්මි හිපෝ පැටියකු උපත ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. මෙම පිග්මි හිපෝ වර්ගය ලොව දැඩි තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයකි. වාර්තා වී ඇති ආකාරයට ස්වභාවික පරිසරයේ සිටින්නේ මේ විශේෂයේ සතුන් 2000 ට අඩු ප්‍ර‍මාණයකි.

සති තුනක් වයසැති පිග්මි හිපෝ පැටියා හොඳින් ආහාර ගන්නා නිරෝගී සතකු බවත් සතුන් වත්තේ පාලක ලින්සේ බග් පවසයි. මේ පැටියාට තවමත් නමක් තබා නොමැති බවත් ඉදිරි දින කිහිපයේ සිට මහජන ප්‍ර‍දර්ශනයට ඉදිරිපත් කරන බවත් ඔහු කියයි. බටහිර අප්‍රිකානු රටවල් නිජ භූමිය කරගත් මේ පිග්මි හිපෝ සාමාන්‍ය හිපපොටේමස් සතකුට වඩා කුඩා සිරුරකට හිමිකම් කියයි. බටහිර අප්‍රිකානු රටවලට ආවේණික තර්ජනයට ලක්වූ සතුන් අභිජනනය කිරීමේ ජාත්‍යන්තර වැඩසටහනක් බ්‍රිස්ටල් සත්ත්වෝද්‍යානයේ ක්‍රියාත්මක වෙයි.

_86771695_babyhipo2 _86771697_babyhippo3 _86771701_babyhippo5 _86771703_babyhippo