ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආශ්‍රිතව පුපුරා ගිය කාර් බෝම්බ ප්‍රහාරය, ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඉන්දීය රජය නිල වශයෙන් තහවුරු කළේය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්, මෝදිගේ කැබිනට් මණ්ඩලය විශේෂ රැස්වීමක් ද පැවැත්වුණු අතර, කාර් බෝම්බය ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ යැයි නිවේදනය කෙරුණේ ඉන් අනතුරුවය.

ඉන්දීය රජය මේ බව තහවුරු කළේ ඉන්දීය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් කළ කරුණු පැහැදිලි කිරීම්වලින් ද එම රැස්විමේ දී සැලකිල්ලට බඳුන් විය.

රතු බලකොටුව අසල පුපුරා ගිය කාර් බෝම්බයෙන් මියගිය ගණන 9 ක් බවත්, තුවාල ලැබූ ගණන 20 ක් බවත් පැවැසෙයි.