ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව කයිල් ජෙනර් ලොව ලාබාලතම තනිව ගොඩනැගුණු බිලියනපතිනිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඇය තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයකින් බිලියනපතිනියක් වී ඇත.
21 හැවිරිදි ඇයගේ අවුරුදු 3ක් පැරණි කයිල් ජෙනර් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම පසුගිය වර්ෂයේ ආදායම ඩොලර් මිලියන 360ක ආදායමක් ලැබූ බව ඇස්තමේන්තු ගතකර ඇත.
21 වැනි වියේදී බිලියන පතිනියක් වූ ඇය 23 හැවිරිදි වියේදී ප්‍රකෝටිපතියෙකු බවට පත් වූ ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට වඩා ඉදිරියෙන් සිටී.
“මම කිසි දෙයක් අපේක්ෂා කළේ නැහැ. අනාගතය ගැන මම කිසිවක් දන්නේ නැහැ. නමුත් මේ ලැබූ තත්ත්වය ඇත්තෙන්ම හොඳයි" ඇය පැවසුවේය.
ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙෂෝස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේය.
ෆෝබ්ස් සඟරාව පවසන ආකාරයට ජෙෆ් බෙෂෝස් සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 131ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 19කින් වැඩි වී ඇත.
ෆේස්බුක් ආයතනයේ හිමිකරු මාක් සකර්බර්ග් වත්කම පහළ මට්ටමේ පවතින පුද්ගලයන් අතරට පත්වී ඇත.
63226
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේත් ඉන්නවා ඉගෙනීමක් නැතිව එකරැයින් බිහි වෙච්ච. කෝටිපති බේබිලා... මේ අය ප්‍රසිද්ධියට බයයි. එ්ක විනාඩියෙන් ඒවා නැතිවෙයි කියලා...