ඇමෙරිකාවත් කියුබාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භවීමේ ප්‍ර‍තිඵලයක් ලෙස දෙරට අතර ගුවන් ගමන් ආරම්භ වීමට කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 54ට පසුව ඇමෙරිකාවත් කියුබාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කරමින් කියුබාවේ දි ඇමෙරිකා තානාපති කාර්යාලයක් ද පසුගිය දිනක විවෘත කැරිණි.