
අකුණු සැර වැදීමෙන්, කියුබාවේ තෙල් ටැංකි සංකීර්ණයක හටගත් මහා ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයෝ ඊයේ (7) සමත් වූහ. ගින්න හටගත්තේ පෙරේදා (6) ය.
ගින්නත් සමඟ හටගත් පිපිරීම්වලට හසුවීමෙන් 17 දෙනෙකු අතුරුදන් වූ බව පැවැසෙයි. ඔවුන් මිය යන්න ඇතැයි සැක කෙරේ. තුවාල ලැබූ ගණන 121 කි. අතුරුදන් වූවන් සහ තුවාල ලැබූවන් අතරේ ගිනි නිවන භටයෝ ද වෙති.
ගින්න හටගත්තේ බටහිර මැටෙන්සාස් හි තෙල් ටැංකි සංකීරණයේය. කියුබානු ගිනි නිවන භටයින්ට ගින්න පාලනය කර ගැනීමට නොහැකි වීමත් සමඟ ගින්න පැතිරෙන්න විය. අවසානයේ කියුබානු ගිනි නිවන භටයන් ගින්න නිවා දැමුණේ මෙක්සිකෝවේත් වෙනිසියුලාවේත් සහාය ඇතිවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd