IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


කියුබාවේ චූටි බබාලාට එන්නත්

කියුබාවේ අවුරුදු 2 ත් 6 ත් අතර වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ඊයේ (6) සිට ආරම්භ විය. ඒ අනුව, අවුරුදු 2ත් 6ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු රට කියුබාවය.

ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්, මිලියන 11.2 ක ජනගහනයක් වෙසෙන, කොමියුනිස්ට් රාජ්‍ය්‍යක් ද වන කියුබාව, එරට වැසියන් සඳහා ලබා දෙන්නේ එරට විද්‍යාඥයන් එරට තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ 'කොවිඩ් 19' එන්නතය. කියුබානු විද්‍යාඥයන් 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් නිපදවා ඇති අතර ඒවා ඉතා සාර්ථක බව පැවැසෙයි.

එම එන්නත් නම් කර ඇත්තේ 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනුවෙනි. මේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර්යේෂණ කිසිවක් මෙතෙක් සිදුවී නැති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය පවා යොමු වී නැත. 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනු ලතින් ඇමෙරිකා කලාපීය රටක නිර්මාණය කළ පළමු එන්නත් දෙකය. කියුබාව අයත් වන්නේ ලතින් ඇමෙරිකා කලාපයටය.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් කියුබාවේ පාසල් 2020 මාර්තුවේ සිට වසා දමා තිබේ. දරුවන් සියලු දෙනාට එන්නත් ලබා දී කඩිනමින් පාසල් ආරම්භ කරමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි සුපුරුදු පරිදි කරගෙන යෑමට කියුබානු රජය බලාපොරොත්තු වෙයි.

'අබ්ඩාලා' සහ 'සොබර්නා' එන්නත් කුඩා දරුවන්ට ලබා දීම ආරම්භ වූයේ එම එන්නත් සම්බන්ධයෙන් සිදු කළ සියලු සායනික අත්හදා බැලීම් සාර්ථක වුණු බැවින් යැයි කියුබානු සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කියුබාව 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වුණු රාජ්‍යයකි. එරටින් වාර්තා වන 'කොවිඩ් 19' මරණ ගණන 5,700 කි. සමස්ත ආසාදිතයන් වාර්තා වන්නේ 6,96,904 කි. 'කොවිඩ් 19' ආසාදනය වී සුවය ලැබූ ගණන 6,53,102 කි.

මේ වනවිටත් ලොව රටවල් කීපයක්, දරුවන්ට එන්නත් ලබා දීම සිදු කරයි. එම රටවල් එන්නත් ලබා දෙන්නේ අවුරුදු 12 ට වැඩි දරුවන්ට පමණි. එසේ ලබා දෙන්නේ ද ඇමෙරිකාවේ නිෂ්පාදිත 'ෆයිසර්' එන්නතය. ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යය, එරට අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන් සඳහා චීනයේ නිෂ්පාදිත 'සිනොවැක්' එන්නත සුදුසු බවට නිර්දේශයක් ලබා දුන්නේය. චීනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, වෙනිසියුලාව ද අවුරුදු 6 ත් 12 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීමට සූදානමින් සිටී.

(රොයිටර්)



අදහස් (0)

කියුබාවේ චූටි බබාලාට එන්නත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site