IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොයි මොහොතේ හෝ ඉන්දියාව අපට පහර දෙනවා

ඉදිරි පැය 24 ත් 36 ත් ඇතුළත, ඉන්දියාවෙන් තම රටටගුවන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි පාකිස්තානය රජය පවසයි. පාකිස්තාන රජය මෙසේ පවසා ඇත්තේ ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු පාදක කර ගනිමිනි.

ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ අර්බුදයක් නිර්මාණය වූයේ, ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ දී පසුගිය 22 වැනිදා, සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමිනි. 
එම ප්‍රහාරයෙන් මියගිය සංචාරකයන් ගණන 26 කි. ඔවුන්ගෙන් 25 දෙනකු ඉන්දියානුවන් බවත්, එක් අයකු නේපාල ජාතිකයකු බවත් පැවැසෙයි.

එම ප්‍රහාරයෙන් අනතුරුව, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුදමය තත්ත්වයක් උත්සන්න වූ අතර, ඉන්දියාව  ඉන්දු කාශ්මීරයේ ‘ඉන්දුස් ජල ගිවිසුම’ ද උල්ළංඝනය කරමින් පාකිස්තානයට ලැබෙන ජලය අවහිර කිරීමට ද කටයුතු කළේය.

ඉන්දියාවේ මෙම ක්‍රියාව, පාකිස්තානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් යැයි පාකිස්තාන රජය පවසා ඇත.
පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරන අතර, පාකිස්තාන රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන රජය අන්තර් ජාතික විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කොයි මොහොතේ හෝ ඉන්දියාව අපට පහර දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site