IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හිනාවට තමන් කැමැති බවත්, ඇය ජනාධිපති සටන ජය ගනීවි යැයි තමන් විශ්වාස කරන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ට තමන් ගරු කරන බවත්, ඇය ගැන තමාගේ පැහැදීමක් ඇති බවත් රුසියන් ජනාධිපතිවරයා පවසා ඇත. රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ ව්ලැඩිවොස්ටොක් නුවර පැවැත්වෙන නැගෙනහිර රටවල ආර්ථික සමුළුවට එක් වී සිටිද්දී, ඇමෙරිකාවේ ‘ආර්.ටී’ හෙවත් ‘රුසියා ටුඩේ’ පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

‘මා කමලා හැරිස්ට කැමතියි. ඇය මහ හඬින් කට පුරා හිනාවනවා. ඒකට මා කැමතියි. ඇය ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කිරීම නුවණැති ක්‍රියාවක්. මට විශ්වාසයි කමලා හැරිස්ට දිනන්න පුළුවන්’ යැයි ජනාධිපති පුටින් මාධ්‍යවේදීන් හමුවේ, පැහැදි කර ඇත.

‘ආර්.ටී’ යනු ඇමෙරිකාව කේන්ද්‍රකොට ගනිමින් විකාශය සිදුවන රුසියන් රජයේ අනුග්‍රහය ලබන පුවත් නාළිකාවකි. රුසියන් ජනාධිපති ඇමෙරිකන් ජනාධිපතිවරණයට මැදිහත් වීමට උත්සාහ ගන්නා බවත්, ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධ ඔහුගේ මතය ‘ආර්.ටී’ පුවත් නාළිකාව හරහා ඇමෙරිකන් ජනතාවට ගෙන යන බවටත් ඇමෙරිකන් ජාතික ආරක්ෂක කවුන්සිලය චෝදනා කර ඇත.

‘ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරන්නේ ඇමෙරිකානුවන් මිසක් රුසියන් ජනාධිපතිවරයා නොවෙයි. රුසියන් ජනාධිපතිවරයාගේ මතය ඇමෙරිකානුවන්ට එපා. අප රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලීමක් කරනවා, ඇමෙරිකන් ජනාධිපතිවරණය ගැනත්, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැනත් ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න එපා’ යැයි ඇමෙරිකන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බී අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා

Chandima Friday, 06 September 2024 10:16 AM

මොකක්හරි කෑල්ලක් ලස්සනයි කීවාම ගෑනූ රවට්ටගන්න පුලුවන් බව පුටිනුත් දන්නවා වගේ?

:       1       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 165 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 657 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1060 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site