
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය පියවරගෙන ඇත.
ඩිමොක්‍රටිකත් පක්ෂය මෙසේ පියවර ගෙන ඇත්තේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්, කමලා හැරිස්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම නිසාය.
59 හැවිරිදි කමලා හැරිස්, 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව පෙන්වමින්, ඩිමොක්‍රටික් පක්ෂය ඇගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධ කළ බව ද පැවැසෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.