
ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමත් සමඟ, ඉන්දීය සම්භවයක් ඇති උප ජනාධිපතිනී කමලා හැරිස් සිය මැතිවරණ කටයුතු ආරම්භ කළේ ප්‍රතිවාදී අපේක්ෂක ඩොන්ල්ඞ් ට්‍රම්ප් විවේචනය කරමින් ඔහුට දොස් නගමිනි.
උප ජනාධිපතිනී කමලා හැරිස්, ඇගේ මැතිවරණ රැලිය ආරම්භ කළේ මිල්වෝකී ප්‍රාන්තයෙනි. ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන් අමතමින් මිනිත්තු 17 ක් පුරා, කමලා හැරිස් ඉතා ආවේගශීලීව කතා කළාය. රැලියට ඩිමොක්‍රටික් පාක්ෂ ආධාරකරුවෝ 3,000 ක් සහභාගී වූහ.
ට්‍රම්ප්ට යළි ජනාධිපති වීමට තමන් ඉඩ නොදෙන බවත්, ඇමෙරිකාව බෙදී වෙන්වීමට තමන් ඉඩ නොදෙන බවත්, රට ආපස්සට රැගෙන යෑමට ඉඩ නොදෙන බවත්, 58 හැවිරිදි කමලා හැරිස් අවධාරණය කළේය.
කමලා හැරිස්, නොවැම්බර් 5 ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූ ජනාධිපති ජෝ බයිඩන්ය. බයිඩන්, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස නිසා, පක්ෂයෙන් ඔහුට එල්ල වූ බලපෑම හේතුවෙනි.
බයිඩන් විසින් ජනාධිති ධුර අපේක්ෂකයා ලෙස නම් කළත්, කමලා හැරිස්ට තවමත් ඩිමොක්‍රටික් පක්ෂයෙන් නිල වශයෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිමි වී නැත. සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු කමලා හැරිස් මේ වනවිට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මූල්‍ය ආධාර ප්‍රමාණයක් එකතු කරගෙන ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
153
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කමලා හැරිස් ට්‍රම්ප්ට දෙහි කැපීම අරඹයි