කැමරූන් රාජ්‍යයේ අගනුවර වන යොන්ඩේ සහ ඩොවුවලා නගර අතර ගමන්කරමින් තිබූ දුම්රියක් ඉසේකා ප්‍රදේශයේදී පීලි පැන පෙරළීම නිසා 53ක් පමණ මියගොස් 300ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වනවිට දුම්රියේ 1300ක පමණ පිරිසක් ගමන් කරමින් සිටි බවත් දුම්රියේ ඉඩ පහසුකම් ඇත්තේ 600කට පමණක් බවත් ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවද ඔහු පවසයි.

අධික වර්ෂාවෙන් ඇතිවූ නායයෑම් හේතුවෙන් ප්‍රධාන මාර්ග වල බස්රථ ගමනාගමනය අඩපන වීම නිසා දුම්රියෙන් ගමන් කිරීම සඳහා බොහෝ පිරිස් පැමිණ ඇත. 

_92022169_mediaitem92022168