අප්‍රිකාවට අයත් කැමරූන් රාජ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, එරට විපක්ෂ නායක 79 හැවිරිදි ඉසා ටිරෝමා ජයග්‍රහණය කළේය.

ඒ අනුව, 92 හැවිරිදි ජනාධිපති පෝල් බියා පරාජය වූ අතර, පරාජය පිළිගෙන ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්නැයි ටිරෝමා, ජනාධිපති පෝල් බියාට පවසා ඇත.

ලෝකයේ වයස්ගතම රාජ්‍ය නායකයා සහ අප්‍රිකාවේ දෙවන ස්ථානයට දීර්ඝතම කාලයක් රට පාලනය කළ ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ ජනාධිපති පෝල් බියා ය.