අත්අඩංගුවට පත් කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන මෙන් ඉල්ලා පැරීසියේ පෙරටුගාමී පක්ෂය පසුගිය නොවැම්බර් 12 වෙනිදා සවස 04ට පැරීසියේ ශ්‍රීලංකා තානාපති කර්යාලය අසල උද්ඝෝෂණයක් පැවැත්වීය.
අනතුරුව පැරීසියේ දේශපාලන පක්ෂ ශාඛා, සංවිධාන , සිවිල් ක‍්‍රියාකාරීන් අත්සන් කල පෙත්සමක්ද භාර දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීපදෙනකුගේ යෝධ උද්ඝෝෂණයක්. (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ. මේවා මිනිසුන්ගේ අයිතීන්... (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
මේ අයට මොනවා වෙලාද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
චන්දිලගේ කතාව හරි .ගෙවල් වලට වැද්ද ගන්නේ නැති නිසා තමයි එලියේ බෝඩ් උස්සා ගෙන සීතලේ ඉන්නේ (බ)
මේ සුදු පාට බෝඩ් එක අල්ලාගෙන ඉන්නේ ලංකාවේ පත්තර වල හිටපු සමන්ත වීරසිංහ ද ? (බ)
රටක නිතිය තේරුම් ගන්නට බැරී, මේ කොටස ඔය ඉන්න රටෙත් නීතියට විරුද්ධවද දන්නේ නැහැ කටයුතු කරන්නේ. (ර)
පැරිසියේ මේ අය අදත් මේ වගේ උද්ගෝෂණ කරාවිද? (ර)
දැවැන්ත උද්ගෝෂණයක්! බලන්න, ජනතා මතයට විශාල බලපෑමක් ඇතිවේවි.(හේ)
ආගමන විගමන නීති උල්ලංඝනය කළා නම් හිරේ යවන්න ඕනෑ. කුමාර් දැන් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් නිසා ඔහු ශ්‍රී ලංකා පුරවැසිබව නැවත ලබා ගැනීමට අයදුම් කළ යුතුයි. ඔය ගේම ගහන්නේ වෙන මොනවටවත් නොවේ. රට පාවා දීලා විදේශීය පුරවැසිබව ලැබූ අයට ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිබව නීති ප්‍රකාරව ලබන්න අමාරු නිසා දේශපාලනික උද්ඝෝෂණවලින් එය ලබා ගන්නයි. (ස)
එක්කෙනෙක් දෙන්නෙක් කළාට බහුතරය මේ වගේ වැඩකරයි කියලා නම් හිතුවේ නැහැ. මේ මනුස්සයා හිරේට දාලා තියෙන්නේ සංචාරක වීසාවකින් ඇවිල්ලා නියමිත කාලයට නොගොස් ආගමන නීති කැඩීම නිසා. (නි)
මෝඩකමට බෙහෙත් නැත . ආගමන නීති කඩන මිනිසුන්ට හරිනම් ඇපවත් දෙන්නේ නැහැ. (ස)
ලංකාදීපෙට ගොඩක් ස්තුතියි මේ බුද්ධිමතුන්ගේ ජායාරූප පලකිරීම ගැන. ගේකට වද්දගන්න හොඳ නැහැ. (ස)