IMG-LOGO

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමෙන් පුද්ගලික දත්ත රැස්කිරීමට එරෙහිව ෆේස්බුක් ආයතනයට දඩයක්

දත්ත ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පවුම් ලක්ෂ පහක් හෙවත් අමෙරිකානු ඩොලර් හයලක්ෂ හතළිස්හතර දහසක දඩ මුදලක් බ්‍රිතාන්‍යයට ගෙවීමට ෆේස්බුක් ආයතනය එකඟ වී තිබේ.

දේශපාලන අරමුණු වෙනුවෙන්  බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම එම පුද්ගලික දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ තොරතුරු කොමසාරිස් කාර්යාලය විසින් මෙම දඩ මුදල පනවා ඇත.

අමෙරිකානු ඩොලර් බිලියන 540 කට අධික වත්කමක් සහිත ආයතනයකට ඩොලර් හයලක්ෂයක් පමණ වන දඩයක් සුළු මුදලක් වුවද තොරතුරු කොමසාරිස් කාර්යාලයට නියම කළ හැකි උපරිම දඩය මෙය ‍වෙයි.

තව ද කේම්බ්‍රිජ් ඇනලිටිකා සිදුවීම සම්බන්ධයෙන් නියාමන ආයතනයක් ෆේස්බුක් ආයතනයට දඩමුදලක් පැනවූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87 කගේ පුද්ගලික දත්ත දේශපාලන කටයුතු සඳහා ලබාගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් අමෙරිකානු සහ යුරෝපීය නීති සම්පාදකයින් හමුවේ ප්‍රශ්න කිරීම්වලට ද ලක්වුණි.

අවම වශයෙන් බ්‍රිතාන්‍යයේ ෆේස්බුක් පරිශීලකයින් මිලියනයකගේ පුද්ගලික දත්ත දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබීම හේතුවෙන් ෆේස්බුක් ආයතනයට මෙම දඩමුදල පැනවීය.

-226-

(රොයිටර්ස් ඇසුරෙනි)

 



අදහස් (0)

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමෙන් පුද්ගලික දත්ත රැස්කිරීමට එරෙහිව ෆේස්බුක් ආයතනයට දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 659 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 499 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site