කාම්බෝජයේ කේප් නගරයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 36 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

මියගිය අය අතර දරුවන් දෙදෙනකු ඇතුළු කුඩා ළමුන් හය දෙනකු සිටින බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකළ කම්කරුවන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමඟ එහි ජීවත්ව ඇති බවයි.

ගොඩනැගිල්ලේ හත්වන මහල සඳහා කොන්ක්‍රීට් දැමීමෙන් පසුව මෙම අනතුර සිදුව තිබේ.

එය සංචාරක නිකේතනයක් සඳහා ඉදිකරන ගොඩනැගිල්ලක් වන අතර දින කිහිපයක් වැඩ කළ කම්කරුවන් විවේකයෙන් සිටිද්දී මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)