කාම්බෝජයේ කේප් නගරයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 36 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
මියගිය අය අතර දරුවන් දෙදෙනකු ඇතුළු කුඩා ළමුන් හය දෙනකු සිටින බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකළ කම්කරුවන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමඟ එහි ජීවත්ව ඇති බවයි.
ගොඩනැගිල්ලේ හත්වන මහල සඳහා කොන්ක්‍රීට් දැමීමෙන් පසුව මෙම අනතුර සිදුව තිබේ.
එය සංචාරක නිකේතනයක් සඳහා ඉදිකරන ගොඩනැගිල්ලක් වන අතර දින කිහිපයක් වැඩ කළ කම්කරුවන් විවේකයෙන් සිටිද්දී මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කාම්බෝජයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 36 ක් මරුට