කාම්බෝජයේ සිහනොව්ක්විලී නම් වෙරළබඩ නගරයේ සත්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 15දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

තවත් පිරිසක් කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටින බව බලධාරීහු පවසති.

අනතුරින් 24දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් වැඩිදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
 
ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති අතර එය චීන සමාගමකට අයත් එකකි.
 
සිද්ධිය සම්බන්ධව ගොඩනැගිල්ලේ හිමිකරුවා ඇතුළු හතරදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
 
ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළයාමට ඉඩ ඇති බව බව බලධාරීහු සඳහන් කරති.
 
(බිබීසි ඇසුරිණි - 085)