IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කාම්බෝජ සමඟ ගැටුම යුද්ධයක දක්වා දුරදිග යාවි

තායිලන්ත කාම්බෝජ දේශසීමාවේ වෙඩි හුවමාරු දිගටම සිදුවන බවත්, එය තායිලන්තය සහ කාම්බෝජය අතරේ යුදමය තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු ඇති බවත්, තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍ය  පුම්තම් වෙචායචී බිය පළ කරයි.

තායිලන්ත කාම්බෝජ දේශසීමාවේ වෙඩි හුවමාරු සිදුවීම ආරම්භ වූයේ පෙරේදා (24) දිනයේ සිටය. කාම්බෝජ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තායිලන්ත සිවිල් වැසියන් 15 දෙනකු මියගිය බව තායිලන්ත මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව, තායිලන්ත සොල්දාදුවෝ 7 දෙනෙක්, කාම්බෝජ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තුවාල ලැබූහ.

ගැටුම් දුර දිග යෑමට ඉඩ නොදෙන ලෙසත්, හටගත් අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තායිලන්තයත්, කාම්​බෝජයත් පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසා ඇත.

අවි දේශසීමා ගැටුම් හේතුවෙන්,  තායිලන්ත කාම්බෝජ දේශසීමාව මේ වනවිට මුළුමනින්ම වසා දමා ඇති බවත්, දෙරට අතරේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අඩපණ වී ඇති බවත් වාර්තා වේ.

පුම්තම් වෙචායචී, තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ,  අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවීමෙන් පසුවය.  පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවී සිදුවූයේ ද තායිලන්ත කාම්බෝජ අර්බුදය මුල්කොට ගනිමිනි. පේටොංටාර්න් ෂිනවාත්‍රා යනු තක්සින් ෂිනවාත්‍රාගේ දියණියයි.

පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායකයකු වන හුන් සෙන්ට දුරකතන ඇමතුමක් දී, තායිලන්ත කාම්බෝජය අර්බුදයට මැදිහත් වී එය විසඳන්නැයි ඉල්ලීමක් කළාය. ඒ, ඉතා ලෙන්ගතු ආකාරයටය.

පසුගිය ජූනි මාසයේ සිදුවුණු එම දුරකතන කතාබහේදී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කළ අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් ද කතා කළාය.

එම දුරකතන සන්වාද හඬ පටය, පසුගිය ජූලි 1 වැනිදා ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගිය අතර ජනතා විරෝධයක් ද ඉස්මතු විය. පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවීම ඒ අනුව සිදුවිය.

ආසියාවට අයත් තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශසීමා අර්බුදයක් පවතින්නේ දෙරට අයිතිය ඉල්ලන පුරාණ හින්දු කෝවිලක් මුල්කොට ගනිමිනි. ‘තා මෝන් තෝම්’ නමැති මෙම කෝවිල 11 වැනි සියවසට අයත් එකකි. කෝවිල සම්බන්ධ මෙම ගැටලුව, 1962 දී අන්තර්ජාතික අධිකරණය  වෙත ඉදිරිපත් කෙරුණු අතර, අධිකරණය ‘තා මෝන් තෝම්’ කෝවිල කාම්බෝජයට අයත් බවට තීන්දුවක් ලබා දුන්නේය.

එම තීන්දුවෙන් පසුව ද දේශසීමා අර්බුදය සම්පූර්ණයෙන්ම සමථයකට පත් නොවිණි. කෝවිල අවට ප්‍රදේශයේ සීමා නිර්ණය පිළිබඳව තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේද දිගින් දිගටම පැවැතිණි.

නටබුන් වී ගිය ‘තා මෝන් තෝම්’ කෝවිල 2008 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමත් සමඟ අර්බුදය නැවතත් උත්සන්න විය. දෙරට හමුදා අතරේ අවි ගැටුම් පැවැතිණි.

අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවුවත්, එය සම්පූර්ණයෙන් විසඳා ගැනීමක් සිදු නොවුණු අතර දැන් යළිත් වරක් දේශසීමා ගැටුම් ආරම්භ වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.



අදහස් (0)

කාම්බෝජ සමඟ ගැටුම යුද්ධයක දක්වා දුරදිග යාවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 563 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site