පළතුරු හා එළවළුවල ඇති කෘමි නාශක හේතුවෙන් පිරිමින්ගේ ශුක්‍රාණු ඝනත්වය අඩුවන බව පර්යේෂකයෝ කියති. කෘමි නාශක යෙදූ ආහාර කෑමට නොගන්නා අයට වඩා එවැනි ආහාර කෑමට ගන්නා අයගේ සරු බව අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩුවීමේ දැඩි අවධානමක් පවතින බව ද ඔවුහු කියති.

මහජන සෞඛ්‍ය පිළිබඳ හාවඩ් විද්‍යාලයේ සහය මහාචාර්ය ජෝර්ජ් චවරෝ මහතාගේ මූළිකත්වයෙන් පැවැත්වූ පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. මහාචාර්ය වරයා පවසන්නේ මේ තත්ත්වය මගහැරීමට ඇති එකම විසඳුම කෘමිනාශකවලින් තොර ආහාර තම කෑම වේලට එක්කැර ගැනීම බවයි. 2007 සිට 2012 දක්වා පිරිමින්ගේ ශුක්‍රාණු සාම්පල 338ක් විශ්ලේෂණය කරමින් ඔහු මේ වාර්තාව ඉදිරිපත් කරන ලදී.