IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කිමිදුම් ලෝක ශූරිය මුහුදේ සැඟවෙයි

කිසිදු උපකරණයක් භාවිතා නොකර දියයට නිදහස් කිමිදීමේ ලෝක වාර්තා 41ට හා ලෝක ශූරතා 23ට හිමිකම් කියූ නතාලියා මොල්චනෝවා (53) මහත්මිය ස්පාඤ්ඥය ආසන්න මුහුදේ කිමිදෙමින් සිටිය දී අතුරුදන්ව ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.

රුසියන් ජාතික කාන්තාවක් වන ඇය තම හිතවතුන් පිරිසක් පමණ මීටර 40ක් පමණ ගැඹුරේ කිමිදෙමින් සිටිය දී නොපෙනී ගොස් ඇතැයි පැවසේ. මුහුදේ අභ්‍යන්තර දිය වැලකට හසුව ඇය ගසාගෙන යන්නට ඇතැයි ජීවිතාරක්ෂක ඒකක පවසයි.

ඇගේ පවුලේ අය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන පුතු ඇලෙක්සේ මොන්චනෝ (28) මහතා පවසන්නේ තම මව මියයන්නට ඇතැයි විශ්වාස කරන බවයි. ඔහුද පිහිනුම් ලෝක වාර්තා හතරකට හිමිකම් කියන පුද්ගලයෙකි.

‘‘මගේ අම්මා මිය යන්නට ඇතැයි අපි පවුලේ සියලු දෙනාම විශ්වාස කරනවා. ඇගේ මරණය අපටත් ඒ වගේ ම කිමිදුම් ක්ෂේත්‍රයේ සිටින අයටත්, ඇයට ඇලුම් කළ සියළු දෙනාටත් වේදනාකාරී සිදුවීමක් වුවත් ඇය හැමදාමත් ඇලුම් කළ මුහුදේදී ම මරණය සිදුවීම ගැන ඇය සතුටට පත්වනවා ඇති “ යැයි ඔහු මාධ්‍යයට කීවේය.

2014 සැප්තැම්බරයේ ඇය උපකරණ රහිතව වේගයෙන් මුහුද යට කිමිදීමේ ලෝක වාර්තාවට හිමිකම් කිවාය. ඒ එක හුස්මක් රැගෙන එක වරලක් පමණක් භාවිතා කරමින් වේගයෙන් මීටර 237ක් කිමිදීමෙනි. ඇය අඩි 331ක් දිය යට කිමිදීමෙන් තැබූ ලෝක වාර්තාවේ දී විනාඩි නමයක් හුස්ම නොගෙන සිටීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් සෙවුම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

diving - Copy



අදහස් (0)

කිමිදුම් ලෝක ශූරිය මුහුදේ සැඟවෙයි

සුකිරි Thursday, 06 August 2015 05:55 AM

මොනතරම් දක්ෂයෙක්ද... විශ්වාශ කරන්නත් අමාරුයිනේ මේ වගේ හපන් කන් ගැන (නදී)

:       0       0

නිෂාර්ඩ් Friday, 07 August 2015 10:42 AM

ඇති විශිෂ්ඨ ගනයේ කිමිදුම් ශුරියක්. ඇයට නිවන් සුව පතමි. (අ)

:       0       0

පුබුදු Thursday, 06 August 2015 06:09 AM

මගෙත් උපහාරය ඔබට! (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 02:57 PM

සැමදේ අනියතවේ (බ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 05 August 2015 03:17 PM

අති විශිෂ්ඨ කාන්තාවට උපහාරය. නිවන් සුව පතමි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site