පැසිෆික් සාගරයේ පිහිටි ඇමෙරිකාවේ පාලනයට යටතේ පවතින ‘ගුආම්’ දූපතට පහර දීම ප්‍රමාද කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

‘ගුආම්’ දූපතට පහර දෙන ආකාරය පිළිබඳ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මහතා සැලැසුම් සකස් කර ඇති බව ඉකුත් දා වාර්තා වූ අතර ඊට ඇමෙරිකාව දක්වන ප්‍රතිචාරය කුමක්දැයි බැලීමට උතුරු කොරියානු නායකයාට අවශ්‍ය වී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
ඒ අතරවාරයේදී සාකච්ඡාවලට පැමිණෙන්නේද යන්න තීරණය කළ යුත්තේ උතුරු කොරියා නායකයා යැයි ඇමෙරිකාව පවසා තිබිණි.

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සූදානම් වෙමින් සිටින අතර ඒ හේතුවෙන් උතුරු කොරියාව කෝපයට පත්ව තිබේ. එවැනි ක්‍රියාකාරකම් නිසා උතුරු කොරියාව කුමන හෝ අවස්ථාවක ප්‍රකෝපකාරී ක්‍රියාවකට එළැඹිය හැකි යැයි විශේෂඥයෝ අනතුරු අඟවති.


ඒ.එෆ්.පී 055