IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කිම් ජොන්ග් ‘ගුආම්’ ප්‍රහාරය පමා කරයි

පැසිෆික් සාගරයේ පිහිටි ඇමෙරිකාවේ පාලනයට යටතේ පවතින ‘ගුආම්’ දූපතට පහර දීම ප්‍රමාද කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

‘ගුආම්’ දූපතට පහර දෙන ආකාරය පිළිබඳ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මහතා සැලැසුම් සකස් කර ඇති බව ඉකුත් දා වාර්තා වූ අතර ඊට ඇමෙරිකාව දක්වන ප්‍රතිචාරය කුමක්දැයි බැලීමට උතුරු කොරියානු නායකයාට අවශ්‍ය වී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
ඒ අතරවාරයේදී සාකච්ඡාවලට පැමිණෙන්නේද යන්න තීරණය කළ යුත්තේ උතුරු කොරියා නායකයා යැයි ඇමෙරිකාව පවසා තිබිණි.

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සූදානම් වෙමින් සිටින අතර ඒ හේතුවෙන් උතුරු කොරියාව කෝපයට පත්ව තිබේ. එවැනි ක්‍රියාකාරකම් නිසා උතුරු කොරියාව කුමන හෝ අවස්ථාවක ප්‍රකෝපකාරී ක්‍රියාවකට එළැඹිය හැකි යැයි විශේෂඥයෝ අනතුරු අඟවති.


ඒ.එෆ්.පී 055

 



අදහස් (8)

කිම් ජොන්ග් ‘ගුආම්’ ප්‍රහාරය පමා කරයි

vidya Wednesday, 16 August 2017 02:55 PM

මේ පුද්ගලයා ගුවාම් වලට පහර දුන්නොත්, මෙයා හිටපු තැනකවත් හොයන්න බැරිවෙයි. ඇමරිකාවේ ඉන්නෙත් මේ වගේ නහයට අහන්නැති නායකයෙක්...

:       213       601

sudes Thursday, 17 August 2017 05:11 AM

අනේ මුගේ කයිය විතරයි. මු ඇමෙරිකාවට ගැහුව්වොත් උතුරු කොරියාව ලෝක සිතියමේ තිබ්බේ කොහෙද කියල හොයා ගන්න බැරිවෙයි

:       3       89

w.p.s weerawardana Thursday, 17 August 2017 06:34 AM

මෙයා යුද්ධ කරන්නේ කටින් විතරයි, ඇමරිකාවට ගැහැව්වොත් ඇමරිකාව නිකම් බල ඉඳීද .

:       4       51

mahee Thursday, 17 August 2017 10:47 AM

සදාම් හුසේන් කිව්වෙත් ඔය වගේ කතා තමයි. අපරාදේ මේ මෝඩ අහංකාර නායකයෝ තමන් සුර සැප විඳින ගමන් රටේ අසරණ ජනතාව අමාරුවේ දානවා.

:       0       39

මද්යස්තයා Thursday, 17 August 2017 10:51 AM

දැන් කව්ද ත්‍රස්තවාදීන් එතකොට?

:       1       0

sudesThursday, 17 August 2017 12:58 PM

උතුරේ විග්නේශ්වරන් ඇතුළු දෙමළ සන්ධාන නඩය නේද?

:       2       1

මද්යස්තයාFriday, 18 August 2017 03:57 AM

උතුරේ විග්නේශ්වරන් පහර දෙනබව කිව්වද?

:       1       0

Gamini Somarathne Sunday, 15 December 2019 07:52 AM

ඔවුන් වැනි දුෂ්ඨ නායකයින් ලෝකය ක්‍රමයෙන් විනාශ කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site