බීජිංහිදීය (රොයිටර්)
බස් රථ අනතුරකින් චීන සංචාරකයන් 32 ක් මිය යෑම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලා ඇතැයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද (26) වාර්තා කළේය.
උතුරු කොරියානු නායකයා සමාව සහ කනගාටුව පළ කරන ලද බස් රථ අනතුර සිදුවූයේ ඉකුත් ඉරිදා (22) වැනිදාය. එම අනතුරින් චීන සංචාරකයන්ට අමතරව උතුරු කොරියානු ජාතිකයන් සිව්දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
අනතුරට ලක්වූ තවත් චීන ජාතිකයන් දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ යැයි ද පැවසේ.
මියගිය චීන ජාතිකයන්ගේ මළ සිරුරු අද (26) දුම්රිය මගින් චීනයට ඒවා ඇති අතර එම මළ සිරුරු චීනයට එවීමට පෙර උතුරු කොරියානු නායකයා ඒවා බලන අයුරු චීන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරුණි.
“මෙම අනතුරින් උතුරු කොරියානු ජනතාව කනගාටුව පත්ව සිටිනවා. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් මම චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ එරට අනෙකුත් නායකයන්ට කනගාටුව පළ කරනවා” යැයි උතුරු කොරියානු නායකයා කීය.
“අපේ සමීප මිතුරන්, අපේ රටේ ජනතාව සමඟ මිතුදම් ඇති කරගත් අපේ චීන මිතුරන් අපේ භූමියේදී අවාසනාවන්ත අනතුරකට මුහුණ දීම අප සියලු දෙනාට දැඩි ශෝකය ගෙන දෙන්නක්” යැයි කොරියානු මධ්‍යම පුවත් ආයතනය උතුරු කොරියානු නායකයාගේ පණිවුඩයක් ප්‍රකාශයට පත් කළේය.
“චීන සහෝදරවරුන්ට ඇති වූ වේදනාව වචනවලින් හෝ වෙනත් මොනයම් හෝ ආකාරයකින් පියවිය නොහැකියි. ඒ වෙනුවෙන් අපි දැඩි ලෙස කම්පාවට පත්වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා. මෙම අවාසනාවන්ත අනතුර නිසා ඇති වූ ශෝකය තුනී කරලන්නට අපි අපට හැකි සෑම දෙයක්ම කරනවා” යැයි උතුරු කොරියානු නායකයාගේ පණිවිඩයේ තවදුරටත් සඳහන්ව තිබිණි.
චීනය යනු උතුරු කොරියාවේ එකම සහ වැදගත්ම ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රිත හිතවතාය. ඉකුත් වසරක කාලයේදී උතුරු කොරියාවේ චීනයට ද කන් නොදී දිගින් දිගටම මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන ලද එය චීනයේ නොසතුටට හේතුවුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පනවද්දි චීනය උතුරු කොරියාවට සිය සහයෝගය දැක්වීය.
055


2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලයි
sanath Sunday, 29 April 2018 08:01 PM
කොණ්ඩ මොස්තරෙත් වෙනස් කලොත් හිට්ලර් ලුක් එක අවම කරගන්න පුළුවන්වෙයි.