
උතුරු කොරියාව, පසුගිය මාස කීපයේ 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' වසංගතයෙන් බැටකද්දී, නායක කිම් ජොන් උන් ද ආසාදිතයකු වූ බව මේ වනවිට අනාවරණය වී ඇත.
උතුරු කොරියාව පුරා දරුණු 'උණ රෝගයක්' පැතිරුණේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. මෙම 'උණ රෝගය', 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' බව පසුව අනාවරණය විය.
එම 'උණ රෝගයට' නායක කිම් ජොන් උන් ද ගොදුරු වුණු නමුත්, ඔහු එයින් ඉක්මනින් සුවය ලැබුවේ යැයි උතුරු කොරියා නායකයාගේ නැගණිය වන කිම් යෝ ජොංග් පවසා තිබේ.
කිම් යෝ ජොංග් පවසා ඇත්තේ උතුරු කොරියාව තුළ 'කොවිඩ් 19' ව්‍යාප්තියක් ඇති කළේ දකුණු කොරායාව බවය.
උතුරු කොරියාව අඩපණ කිරීමට දකුණු කොරියාව උතුරු කොරියාවට 'කොවිඩ් 19' ව්‍යාප්ත කළේ යැයි කිම් යෝ ජොංග් චෝදනා නගා තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd