ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට අද (30) උදෑසන එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකෙන් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රධාන ඡායාරූපශිල්පී ෂාහ් මරායි ඇතුළු 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ෂාහ් මරායි ප්‍රංශ පුවත් සේවයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඡායාරූප මාධයවේදියා වන අතර ඔහුට අමතරව ප්‍රහාරයෙන් තවත් ජනමාධ්‍යවේදීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම ප්‍රංශ පුවත් සේවය ද ඒ බව තහවුරු කළේය.
බෝම්බ ප්‍රහාරවලින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශක වහීද් මජ්රෝහ් උපුටා දක්වමින් එරට විශාලතම පෞද්ගලික රූපවාහිනි සේවය වන ‘ටෝලෝ’ පුවත් සේවය වාර්තා කළේය. ප්‍රහාරවලින් තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවත් ඇතැම් විට මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කළේය.
බෝම්බ දෙකම පුපුරා ගියේ එකම ස්ථානයකය. පළමු බෝම්බයෙන් මිනිත්තු කිහිපයකට පසු දෙවැනි ප්‍රහාරය එල්ල විය. දෙවැනි බෝම්බ ප්‍රහාරය පළමු ප්‍රහාරය වාර්තා කිරීමට එම ස්ථානයට පැමිණ සිටි වාර්තාකරුවන් ඉලක්ක කරගනිමින් එල්ල වූ බව පොලිස් ප්‍රකාශක හෂ්මත් ස්ටැනික්සායි පැවැසීය.
“දෙවැනි බෝම්බකරු ඔහු මාධ්‍යවේදියෙක් යැයි කීවා. ඒත් සමගම ඔහු බෝම්බය පුපුරුවා ගත්තා” යැයි හෂ්මත් කීය. බෝම්බ ප්‍රහාර දෙකම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර යැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග තහවුරු කළේය.
මරායි ඇෆ්ගනිස්තානයේ ප්‍රංශ පුවත් සේවයට එක්වූයේ 1996 වසරේදීය. ඔහු ඊට සම්බන්ධ වූයේ රියදුරෙකු ලෙස වුවත් ඡායාරූප ගත්තේය. සිදුවීම් වාර්තා කළේය. ඔහු ආවරණය කළ සිදුවීම් අතර 2001 වසරේදී ඇෆ්ගනිස්තානය ඇමෙරිකාව ආක්‍රමණය කිරීම ද විය.
වසර 2002 දී පූර්ණ කාලීන ඡායාරූප ශිල්පියෙක් ප්‍රංශ පුවත් සේවයට එක්වෙමින් විවිධ තනතුරු හෙබවීය. විවිධ තනතුරු හොබවමින් පැවැති ඔහු ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා බවට පත්විය.
ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු අයි.එස් සංවිධානය එහි වගකීම බාරගෙන තිබිණි.
ඒ.එෆ්.පී
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd