ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර යුද හමුදා සරසවියක් ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදුකළ පිපිරුමකින් හය දෙනකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා ඇත.
කාබුල් නුවරට බටහිරින් පිහිටි මාෂල් ෆාහිම් ජාතික විශ්වවිද්‍යාලය ඉදිරිපිට මෙම පිපිරීම සිදුව ඇති බවත් ආරක්ෂක අංශ විසින් ප්‍රහාරකයාට සරසවියට ඇතුළුවීමට ඉඩ නොදුන් අවස්ථාවේ බෝම්බය පුපුරුවාගෙන ඇති බවත් බලධාරීහු පවසති.
අයිඑස්අයිඑස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර ඔවුන්ගේ අමාක් ප්‍රවෘත්ති සේවය හරහා ඒ බව නිවේදනය කර තිබේ.
වසර 18ක යුද්ධය නිම කිරීමේ අරමුණින් තලේබාන් සංවිධානය හා ඇෆ්ගන් බලධාරීන් අතර සාකච්ඡා මොස්කව් නුවර පැවැත්වෙන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වූ බව මාධ්‍ය සඳහන් කරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කාබුල් නුවර හමුදා සරසවියක් ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්