IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් 5ක් මරුට : 24කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ඇමරිකානු සහනාධාර කාර්යාලයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පස්දෙනකු මියගොස් 24දෙනකු තුවාල ලබා ඇත.

ප්‍රහාරය සඳහා පුද්ගලයන් පස්දෙනකු පැමිණ ඇති බවත් ඔවුන් සියලුදෙනාම මරා දැමූ  බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.

ප්‍රහාරකයින් කාර්යාලයට පැමිණීමට පෙර මරාගෙන මැරෙන බෝම්බයක් මෝටර් රථයක අටවා කාර්යාලයේ දොරටුව අසළ ස්ථානගතකර තිබූ බව බලධාරිහු පවසති.

ආරක්ෂක අංශ සහ ප්‍රහාරකයින් අතර වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇත.

කාර්යාලය තුල සිටි සේවකයන් 200ක් පමණ ආරක්ෂිතව ඉවත් කළ බවත් මේවනවිට කාර්යාලය තුළ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.

වසර 18ක යුද්ධය නිමා කිරීම සඳහා  තලේබාන් සංවිධානය හා ඇමරිකාව අතර හයවන වටයේ සාකච්ඡා කටාර්හිදී පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් 5ක් මරුට : 24කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site