ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ඇමරිකානු සහනාධාර කාර්යාලයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පස්දෙනකු මියගොස් 24දෙනකු තුවාල ලබා ඇත.
ප්‍රහාරය සඳහා පුද්ගලයන් පස්දෙනකු පැමිණ ඇති බවත් ඔවුන් සියලුදෙනාම මරා දැමූ බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.
ප්‍රහාරකයින් කාර්යාලයට පැමිණීමට පෙර මරාගෙන මැරෙන බෝම්බයක් මෝටර් රථයක අටවා කාර්යාලයේ දොරටුව අසළ ස්ථානගතකර තිබූ බව බලධාරිහු පවසති.
ආරක්ෂක අංශ සහ ප්‍රහාරකයින් අතර වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇත.
කාර්යාලය තුල සිටි සේවකයන් 200ක් පමණ ආරක්ෂිතව ඉවත් කළ බවත් මේවනවිට කාර්යාලය තුළ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.
වසර 18ක යුද්ධය නිමා කිරීම සඳහා තලේබාන් සංවිධානය හා ඇමරිකාව අතර හයවන වටයේ සාකච්ඡා කටාර්හිදී පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd