ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් වලට බටහිරින් පිහිටි රජයේ අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12දෙනකු මියගොස් 31දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බලධාරීන් පවසන්නේ මියගිය අය අතර කාන්තාවක සහ දරුවන් ද සිටින බවයි.
පිපිරීම සිදුවන අවස්ථාවේ කාර්යාලයේ සේවකයින් රාමලාන් උපවාස සමය හේතුවෙන් වේලාසනින් බැහැර ගොස් සිටි බව පැවසේ.
ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය විසින් බාරගෙන ඇති අතර ඇෆ්ගන් රජය හා කැරළිකරුවන් අතර දින තුනක සාම කාලය අතරතුර මෙය සිදුව ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd