IMG-LOGO

කාබුල් නුවර පිපිරීමක්

කාබුල්හිදීය (ඒ.එෆ්.පී)
 

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විශාල පිපිරීමක් සිදු ව ඇතැයි එරට බලධාරීහු පවසති.
 
“කාබුල් නුවර ෂාර් ඊ නාව් ප්‍රදේශයේ පිපිරීමක් සිදුවෙලා. ඒ බව තහවුරු කරන්න මට පුළුවන්. අපි දැන් ඒ ගැන සොයා බලමින් ඉන්නේ” යැයි නගර පොලිසියේ ප්‍රකාශකයකු වන ෆර්දවාස් ෆ්‍රාමූර්ස් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.  යුද්ධයෙන් ඉරී තැළී ගියත් ඇෆ්ගන් වැසියන් රාමදාන් උපවාස ආරම්භ කර තිබියදී මෙම පිපිරීම සිදුවිය. 

පිපිරීම සිදුව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘කෙයාර් ඉන්ටර්නැෂනල්” කාර්යාල ආසන්නයේ යැයි වාර්තාවේ.

“මොනවගේ පිපිරීම්ද කියලා තවම අපිට තොරතුරු වාර්තා වෙලා නැහැ. එහෙත් වෙඩි ශබ්ද ඇහෙනවා” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නස්රාත් රහිමි මහතා පැවැසීය.  වසර 18ක් මුළුල්ලේ පවතින ඇෆ්ගන් යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානු සහ තලේබාන් නියෝජිතයන් කටාරයේදී සාම සාකච්ඡාවල නිරත වී සිටින අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල විය.

තලේබාන් සහ ඇමෙරිකානු නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී දැවැන්ත සාම සමුළුවක් කාබුල් නුවරදී පසුගිය සතියේදී පැවැත්විණි. එහිදි රාමදාන් උපවාස සමය ආරම්භයේ සිට සටන් විරාමයක් ආරම්භ කරමු යැයි ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානී යෝජනාවක් ඉදිරිපත් කළ ද කැරැලිකරුවෝ එම යෝජනාව ප්‍රතික්ෂේප කළහ.

සටන් නවත්වන්නැයි කරන ලද ඉල්ලීම්වලට තලේබාන් සංවිධානය පසුගිය වසරේදී දැඩි ප්‍රතිචාර දැක්වූ අතර එලෙස ඉල්ලීම් තිබියදීද ප්‍රහාර එල්ල කළේය. සාකච්ඡා මේසයේදී තමන්ට වාසිදායක තත්ත්වයක් උදා කරගැනීම සඳහා ද තලේබාන් සංවිධානය ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල වී තිබේ

පසුගිය වසරේ රාමදාන් උපවාස සමය අවසන් වූ අවස්ථාවේදී තලේබාන් සංවිධානය දින තුනක සටන් විරාම කාලයක් නිවේදනය කළේය. කෙසේ නමුත් එම රාමදාන් මාසය ආරම්භයේදී ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානී දින අටක තාවකාලික සාම කාලයක් ප්‍රකාශයට පත් කළේය.

වසර 2001 දී සිදු වූ ඇමෙරිකානු ආක්‍රමණයෙන් පසුව ඇෆ්ගනිස්තානය තුළ නිල වශයෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව එය විය. ඒ හේතුවෙන් කිසිදු දිනක නොවූ අයුරින් ඇෆ්ගනිස්තානය තුළ සංහිඳියාව ඇතිවන ලක්ෂණ පෙන්නුම් කළේය. 
 
(055)

 



අදහස් (0)

කාබුල් නුවර පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site