IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කාබුල් දේවස්ථානයක් අසල පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර දේවස්ථානයක් අසල පිපිරීමක් සිදුව ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

කාබුල් නුවර දේවස්ථාන පිවිසුම් ස්ථානයක් අසල මෙම පිපිරීම සිදුව ඇතැයි ද පිපිරීමෙන් සිවිල් වැසියන් කිහිපදෙනකු මරණයට පත්ව ඇතැයි ද තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

කාබුල් අගනුවර ඊද් ගාහ් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රවේශ ගේට්ටුවක් අසලදී මෙම පිපිරීම සිදුව ඇතැයි ද වාර්තා වේ.

තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහිද්ගේ මවගේ අනුස්මරණ උත්සවයක් පැවැත්වෙමින් තිබියදී මෙම පිපිරීම සිදුව ඇත.

මෙම ප්‍රහාරයෙන් තලේබාන් සංවිධානයේ සාමාජිකයන් කිසිවකුට තුවාල සිදුව නැතැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු වන බිලාල් කරීමි ඒ.පී. පුවත් සේවයට පැවැසීය.

මියගොස් ඇත්තේ දේවස්ථානයේ ප්‍රවේශ ගේට්ටුව අසල සිටි සිවිල් වැසියන් පිරිසක් බව ද අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

කිසිවකුත් තවම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.

(රොයිටර්)



අදහස් (0)

කාබුල් දේවස්ථානයක් අසල පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site