ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සහ කන්දහාර් නගරය අතර මාර්ගයේ බස් රථ දෙකක් සහ ඉන්ධන බවුසරයක් ගැටීමෙන් 73 දෙනෙක් මිය ගොස් 80කට අදික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.මගීන් 125ක් එම බස් රථ දෙකෙහි ගමන් කර ඇති අතර ඉන් 80 දෙනෙකු රොහල් ගත කර තිබෙන බවට නිලධාරීන් සදහන් කරයි.එමෙන්ම ජිවිත හානි තවත් වැඩි විය හැකි බවට සදහන් වේ. මාර්ග දුර්වල තත්වයක තිබෙන ඇෆ්ගනිස්තානයේ මෙවන් ඛේදනීය සිදුවීම් බහුලය