
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීමක් සිදුවිය. සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ පිපිරීමෙන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවය.
පිපිරීම සිදුවී ඇත්තේ කාබුල් අගනුවර බටහිර කොටසේය. මෙම බටහිර කොටසේ ජීවත් වන්නේ ෂියා මුස්ලිම්වරුන් බව පැවැසෙයි.
ඒ අනුව, බෝම්බ ප්‍රහාරය සුන්නි ෂියා අගමික කල්ලි අතරේ ගැටුමක් යැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
ඊයේ සිකුරාදා (5) ද බෝම්බ පිපිරීමක් සිදුවිය. එයින් මියගිය ගණන 8 කි. ප්‍රහාරයේ වගකීම ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd