පෘථිවි වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සංයුතිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ අපේක්ෂාවෙන් නිපදවූ ‘‘ඕර්බිටින්ග් කාබන් ඔබ්සවේටර්-2“ නමැති චන්ද්‍රිකාව ඩෙල්ටා-2 රොකට්ටුව යොදා ගනිමින් සාර්ථකව උඩුගුවනට යැවූ බව නාසා ආයතනය පවසයි.
මේ චන්ද්‍රිකාව යැවීමට ගත් පළමු උත්සාහය ව්‍යර්ථ වූයේය. ඒ පසුගිය දා කැලිෆෝනියාවේ වැන්ඩර්බර්ග් ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය අවට ප්‍රදේශයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙනි.
චන්ද්‍රිකාව නිවැරදිව කක්ෂගත කිරීමට පෘථිවියේ භ්‍රමණයත් සමග නිශ්චිත වේලාවකට රොකට්ටුව යැවීම සිදුකළ යුතුය. ගංවතුර තත්ත්වය හේතුවෙන් එය පැය 24ක් කල් දැමිමට සිදුවිය.
නාසා ආයතනය පවසන්නේ චන්ද්‍රිකාව පෘථිවියේ සිට කිලෝ මීටර 705ක් ඉහළ අභ්‍යාවකාශයේ රැඳවීමට නියමිත බවයි. පසුව එය ‘ඒ-ට්‍රේන්‘ නමැති චන්ද්‍රිකා ජාලයට එක් කිරීමට නියමිතය. ලබන අගෝස්තුවේ සිට චන්ද්‍රිකාව පෘථිවි වායුගෝලය සම්බන්ධ ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ කටයුතු සාර්ථක වේවා! (නි)
ඉතා හොඳයි (නි)