IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කාබන්ඩයොක්සයිඩ් සොයන්න ඔත්තුකරුවෙක්

පෘථිවි වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සංයුතිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ අපේක්ෂාවෙන් නිපදවූ ‘‘ඕර්බිටින්ග් කාබන් ඔබ්සවේටර්-2“ නමැති චන්ද්‍රිකාව ඩෙල්ටා-2 රොකට්ටුව යොදා ගනිමින් සාර්ථකව උඩුගුවනට යැවූ බව නාසා ආයතනය පවසයි.

මේ චන්ද්‍රිකාව යැවීමට ගත් පළමු උත්සාහය ව්‍යර්ථ වූයේය. ඒ පසුගිය දා කැලිෆෝනියාවේ වැන්ඩර්බර්ග් ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය අවට ප්‍රදේශයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙනි.

චන්ද්‍රිකාව නිවැරදිව කක්ෂගත කිරීමට පෘථිවියේ භ්‍රමණයත් සමග නිශ්චිත වේලාවකට රොකට්ටුව යැවීම සිදුකළ යුතුය. ගංවතුර තත්ත්වය හේතුවෙන් එය පැය 24ක් කල් දැමිමට සිදුවිය.

නාසා ආයතනය පවසන්නේ චන්ද්‍රිකාව පෘථිවියේ සිට කිලෝ මීටර 705ක් ඉහළ අභ්‍යාවකාශයේ රැඳවීමට නියමිත බවයි. පසුව එය ‘ඒ-ට්‍රේන්‘ නමැති චන්ද්‍රිකා ජාලයට එක් කිරීමට නියමිතය. ලබන අගෝස්තුවේ සිට චන්ද්‍රිකාව පෘථිවි වායුගෝලය සම්බන්ධ ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.



අදහස් (0)

කාබන්ඩයොක්සයිඩ් සොයන්න ඔත්තුකරුවෙක්

රන්ජිත් Wednesday, 09 July 2014 12:20 AM

පරීක්ෂණ කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

රන්ජිත් Wednesday, 09 July 2014 12:20 AM

ඉතා හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site