මාසයකට වැඩි කලක් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ ඡායාරූපයක් කැබිනට් සභාවේ තබමින් සභා වාරය පවත්වන බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ඇගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනුයේ මේ නිසා ඇය තමන් අතර සිටිනවා යන හැඟීමක් ඇති වන බවයි.නියෝජ්‍ය මහ ඇමතිවරයා අසල මෙම ඡායාරූපය තබා ඇත. අමාත්‍ය කාර්යාල කිහිපයකද ඇගේ ඡායාරූපයක් රාමු කර තබා ඇතැයි වාර්තා වෙයි.
මීට පෙර ඇය යටතේ පැවති අමාත්‍යංශ සියල්ල නියෝජ්‍ය මහ ඇමති ඕ.පී පනීර්සේල්වම් වෙත පැවරීය.ඇය සතු වූ පක්ෂයේ වගකීම් සහ අනෙකුත් සියලු වගකීම් ද ඔහු වෙත පැවරීය. නමුත් මහ ඇමති ධුරය වෙනස් නොවීය. මහ ඇමති නොමැතිව කැබිනට් සභාව පවත්වන්නේ කෙසේදැයි විපක්ෂය මීට පෙර ප්‍රශ්න කළේය.
මහ ඇමති නොමැතිව සභාව පවත්වන්නේ කෙසේදැයි නැගුණු ප්‍රශ්ණයට මෙය පිළිතුරක් නොවන බව දේශපාලන විශේෂඥයෝ පවසති.
ජයලලිතා සිරගත කර සිටියදී දෙවරක් මහ ඇමති ධුරය දැරූ පනීර්සෙල්වම් මෙවර ජයලලිතාගේ අසුනේ වාඩි නොවන බව කියයි.ඇය තවමත් මහ ඇමති අසුනට සුදුසු යැයි තමන්ට හැඟෙන බව ඔහු කීවේය.
ජයලලිතා සැප්තැම්බර් 22 වැනි දා රෝහල්ගත කළාය
ජයලලිතා ට සෙත් පතා පැවති යාගයකදී ඇගේ අධාරකරුවන් පිරිසකට මී මැසි ප්‍රහාරයක් එල්ල වී ඇත.ඉන් එක් අයෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.ඉන්දියාවේ වෙල්ලෝර් හී කෝවිලක පැවති මෙම යාගයේ දී ගසක් යට ඇවිලූ ගින්නක් හේතුවෙන් මී මැස්සන් ඇවිස්සී ඇතැයි වාර්තා වෙයි.
(ඇගේ ඡායාරූපයක් කැබිනට් සභාවේ තබමින් සභා වාරය පවත්වන අයුරු)
(අමාත්‍ය කාර්යාලයක ඇගේ ඡායාරූපයක් රාමු කර තබා ඇති අයුරු)
(ඡායාරූප-පීටීඅයි/බීබීසී)
2025 නොවැම්බර් මස 04
646
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැබිනට් රැස්වීමට ජයලලිතා පින්තූරෙන් එයි
උදය Saturday, 29 October 2016 01:59 AM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ජයාත් Saturday, 29 October 2016 02:00 AM
මේ වගේ මිනිස්සු ඉන්න රටකට ඉර පායන එකයි පුදුමේ (නි)
සම්පත් Saturday, 29 October 2016 03:35 AM
අපිට ඇමරිකාව එක්ක ෆයිට් කරන්න මේ වගේ අය ඕනේ වෙනවා.(හේ)
රජින්ද Friday, 28 October 2016 11:37 AM
මේ වගේ කට්ටිය තමයි අපිට ඉතිහාසය සහ දේශපාලනය උගන්වන්න මෙහෙට සැපත් වෙන්න යන්නේ. ලංකාවට දෙවියන්ගේම පිහිටයි..!! (නි)
තේනුවර Friday, 28 October 2016 01:18 PM
මොවුන් ගැන මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
මෙන්ඩිස් Saturday, 29 October 2016 05:35 AM
ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා ඉස්සරහට යන ක්‍රමයක් අපි කරමු. ඒගොල්ලෝ ඒවා කළා කියලා ලංකාවේ අයත් ඒ වගේ දේවල් කරන්න ගනීද දන්නේ නැහැ. ඒ හින්දද දන්නේ නැහැ විගනේශ්වරම් මහත්තයත් නොකියම පිටරට ගියේ. පින්තූරේ එල්ලලා තියනවනේ. (නි)
අශිකා Friday, 28 October 2016 03:56 PM
ළඟදිම එයා සනීපවෙලා එයි කියලා එයාලා බලාගෙන ඇති (නි)
අරුණ Friday, 28 October 2016 03:56 PM
අනේ හැබෑටම මෙහෙමත් දේවල් (නි)
රොන් Saturday, 29 October 2016 03:47 PM
ජයලලිතා ජිවතුන් අතර නැති දවසක එයාගේ නමින් කෝවිලක් හදල වන්දනා මාන කරයි. මේ අය කොහොමටත් නලු නිලියන්ගේ දෙපා වන්දනා කරන්ට කැමති (අ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 28 October 2016 11:24 PM
මියගිය අයගේ පින්තූර තබනවා වගේ වැඩක්නේ මේක (නි)
දිලන්ක Saturday, 29 October 2016 05:20 PM
ඒ මිනිසුන්ට ඇයගේ පින්තූරය පවා වටිනවා (නි)
ටිකිරි Friday, 28 October 2016 11:54 PM
මට නම් මේවා විකාර වගෙයි (නි)
අබය Saturday, 29 October 2016 07:12 PM
ඔලුව නැතත් කඳ ෆයිට් කරනවා කිවුවලු.... (නි)