මාසයකට වැඩි කලක් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ ඡායාරූපයක් කැබිනට් සභාවේ තබමින් සභා වාරය පවත්වන බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ඇගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනුයේ මේ නිසා ඇය තමන් අතර සිටිනවා යන හැඟීමක් ඇති වන බවයි.නියෝජ්‍ය මහ ඇමතිවරයා අසල මෙම ඡායාරූපය තබා ඇත. අමාත්‍ය කාර්යාල කිහිපයකද ඇගේ ඡායාරූපයක් රාමු කර තබා ඇතැයි වාර්තා වෙයි.
මීට පෙර ඇය යටතේ පැවති අමාත්‍යංශ සියල්ල නියෝජ්‍ය මහ ඇමති ඕ.පී පනීර්සේල්වම් වෙත පැවරීය.ඇය සතු වූ පක්ෂයේ වගකීම් සහ අනෙකුත් සියලු වගකීම් ද ඔහු වෙත පැවරීය. නමුත් මහ ඇමති ධුරය වෙනස් නොවීය. මහ ඇමති නොමැතිව කැබිනට් සභාව පවත්වන්නේ කෙසේදැයි විපක්ෂය මීට පෙර ප්‍රශ්න කළේය.
මහ ඇමති නොමැතිව සභාව පවත්වන්නේ කෙසේදැයි නැගුණු ප්‍රශ්ණයට මෙය පිළිතුරක් නොවන බව දේශපාලන විශේෂඥයෝ පවසති.
ජයලලිතා සිරගත කර සිටියදී දෙවරක් මහ ඇමති ධුරය දැරූ පනීර්සෙල්වම් මෙවර ජයලලිතාගේ අසුනේ වාඩි නොවන බව කියයි.ඇය තවමත් මහ ඇමති අසුනට සුදුසු යැයි තමන්ට හැඟෙන බව ඔහු කීවේය.
ජයලලිතා සැප්තැම්බර් 22 වැනි දා රෝහල්ගත කළාය
ජයලලිතා ට සෙත් පතා පැවති යාගයකදී ඇගේ අධාරකරුවන් පිරිසකට මී මැසි ප්‍රහාරයක් එල්ල වී ඇත.ඉන් එක් අයෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.ඉන්දියාවේ වෙල්ලෝර් හී කෝවිලක පැවති මෙම යාගයේ දී ගසක් යට ඇවිලූ ගින්නක් හේතුවෙන් මී මැස්සන් ඇවිස්සී ඇතැයි වාර්තා වෙයි.
(ඇගේ ඡායාරූපයක් කැබිනට් සභාවේ තබමින් සභා වාරය පවත්වන අයුරු)
(අමාත්‍ය කාර්යාලයක ඇගේ ඡායාරූපයක් රාමු කර තබා ඇති අයුරු)
(ඡායාරූප-පීටීඅයි/බීබීසී)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මේ වගේ මිනිස්සු ඉන්න රටකට ඉර පායන එකයි පුදුමේ (නි)
අපිට ඇමරිකාව එක්ක ෆයිට් කරන්න මේ වගේ අය ඕනේ වෙනවා.(හේ)
මේ වගේ කට්ටිය තමයි අපිට ඉතිහාසය සහ දේශපාලනය උගන්වන්න මෙහෙට සැපත් වෙන්න යන්නේ. ලංකාවට දෙවියන්ගේම පිහිටයි..!! (නි)
මොවුන් ගැන මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා ඉස්සරහට යන ක්‍රමයක් අපි කරමු. ඒගොල්ලෝ ඒවා කළා කියලා ලංකාවේ අයත් ඒ වගේ දේවල් කරන්න ගනීද දන්නේ නැහැ. ඒ හින්දද දන්නේ නැහැ විගනේශ්වරම් මහත්තයත් නොකියම පිටරට ගියේ. පින්තූරේ එල්ලලා තියනවනේ. (නි)
ළඟදිම එයා සනීපවෙලා එයි කියලා එයාලා බලාගෙන ඇති (නි)
අනේ හැබෑටම මෙහෙමත් දේවල් (නි)
ජයලලිතා ජිවතුන් අතර නැති දවසක එයාගේ නමින් කෝවිලක් හදල වන්දනා මාන කරයි. මේ අය කොහොමටත් නලු නිලියන්ගේ දෙපා වන්දනා කරන්ට කැමති (අ)
මියගිය අයගේ පින්තූර තබනවා වගේ වැඩක්නේ මේක (නි)
ඒ මිනිසුන්ට ඇයගේ පින්තූරය පවා වටිනවා (නි)
මට නම් මේවා විකාර වගෙයි (නි)
ඔලුව නැතත් කඳ ෆයිට් කරනවා කිවුවලු.... (නි)