IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කපිතාන් 36 වසරක් සිපිරි ගෙට

දකුණු කොරියාවේ දී පාසල් දරුවන් සිය ගණනකට මරු කැඳවමින් ගිලී ගිය නැවේ කපිතාන් ලී ජුන් සියොක් (69) වසර 36ට සිරගත කිරීමට කොරියාවේ අධිකරණය නියෝග කැර ඇත.

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කැර ඇත්තේ කොරියාවේ දකුණු දිග ග්වැංජු වෙරළ ආසන්නයේ දී ගිලුණු නෞකාවේ කපිතාන් වරයා මිනී මැරීමේ අදහසින් කටයුතු කර නොමැති බැවින් ඔහුට මරණ දඩුවම් දිය නොහැකි බවයි.

නැවේ ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලයේ තවත් නිලධාරින් දෙදෙනකුට ද වසර 15 හා 20 බැගින් වූ සිරදඩුවම් නියම කැරිණි. විනිසුරුවරුන්ගේ තීරණය වූයේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මිනී මැරීමේ අදහසින් මේ අනතුර කරන ලදැයි තහවුරු කිරීමට පැමිණිලි පක්ෂය අපොහොසත් වූ බවයි.

නැව අනතුරට පත්වන අවස්ථාවේ එහි 476 දෙනෙක් සිටි අතර ඉන් 304 දෙනෙක් මිය ගියහ. මියගිය අය අතර එකම පාසලක සිසු සිසුවියෝ 250 දෙනකු වූහ.

තීන්දුව ප්‍රකාශ කරන මෙහොතේ උසාවි භූමියට රැස්ව සිටි පිරිස් මේ තීරණය පිළිබඳ සෑහීමකට පත්නොවූ අතර ඔවුහු කෑ කෝ ගසමින් ඊට විරෝධය පළකලහ.



අදහස් (0)

කපිතාන් 36 වසරක් සිපිරි ගෙට

අමිල- ඩුබායි Wednesday, 12 November 2014 07:51 AM

කපිතාන් හිරෙන් නිදහස් වෙද්දී වයස 105. මරණ දඩුවම නියම වුණාා වගේම තමා මේ දඩුවම (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site