දකුණු කොරියාවේ දී පාසල් දරුවන් සිය ගණනකට මරු කැඳවමින් ගිලී ගිය නැවේ කපිතාන් ලී ජුන් සියොක් (69) වසර 36ට සිරගත කිරීමට කොරියාවේ අධිකරණය නියෝග කැර ඇත.
ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කැර ඇත්තේ කොරියාවේ දකුණු දිග ග්වැංජු වෙරළ ආසන්නයේ දී ගිලුණු නෞකාවේ කපිතාන් වරයා මිනී මැරීමේ අදහසින් කටයුතු කර නොමැති බැවින් ඔහුට මරණ දඩුවම් දිය නොහැකි බවයි.
නැවේ ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලයේ තවත් නිලධාරින් දෙදෙනකුට ද වසර 15 හා 20 බැගින් වූ සිරදඩුවම් නියම කැරිණි. විනිසුරුවරුන්ගේ තීරණය වූයේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මිනී මැරීමේ අදහසින් මේ අනතුර කරන ලදැයි තහවුරු කිරීමට පැමිණිලි පක්ෂය අපොහොසත් වූ බවයි.
නැව අනතුරට පත්වන අවස්ථාවේ එහි 476 දෙනෙක් සිටි අතර ඉන් 304 දෙනෙක් මිය ගියහ. මියගිය අය අතර එකම පාසලක සිසු සිසුවියෝ 250 දෙනකු වූහ.
තීන්දුව ප්‍රකාශ කරන මෙහොතේ උසාවි භූමියට රැස්ව සිටි පිරිස් මේ තීරණය පිළිබඳ සෑහීමකට පත්නොවූ අතර ඔවුහු කෑ කෝ ගසමින් ඊට විරෝධය පළකලහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිතාන් හිරෙන් නිදහස් වෙද්දී වයස 105. මරණ දඩුවම නියම වුණාා වගේම තමා මේ දඩුවම (දිල්)