මෝටර් රථයකින් පැමිණි අයකු ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිට ආරක්ෂාවට රැදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කළ බවත් එක් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියා රෝහල් ගත කෙරුණි. මියගියේ බිලී එවන්ස් නමැති පොලිස් නිලධාරියාය.
මෝටර් රථයෙන් ආ තැනැත්තා, යට කර ඇත්තේ, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිට උතුරු දෙසින් පිහිටි මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුය.
පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පිහියක් ද අතැතිව රථයෙන් පිටතට පැමිණ ඇත. සිද්ධිය වූ තැනට පැමිණි සෙසු නිලධාරීන් ඔහුට වෙඩි තැබූ බව පැවැසෙයි.
බරපතල ලෙස තුවාල ලැබූ රියැදුරු රෝහල් ගත කෙරුණි. පසුව වාර්තා වූයේ ඔහු මියගිය බවය.
සැකකාර රියැදුරා කළු ජාතික, මුස්ලිම් සම්භවයක් සහිත 25 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ නම නෝවා ග්‍රීන් බවත් වර්ජීනියා පදිංචිකරුවකු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය ජනවාරි 6 වැනිදා, පරාජය බාර ගැනීමට අකමැති වූ ජනාධිපති ධුරයේ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උසි ගැන්වීම් හේතුවෙන්, දහස් ගණනින් ඔහුගේ ආධාරකරුවන් සහ සුදු අන්තවාදීන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණි.
කැපිටල් හිල් යනු ඇමෙරිකානු කොංග්‍රසය (පාර්ලිමේන්තුව) රැස්වන ගොඩනැගිල්ලය.
ජනවාරි 6 වැනිදා සිද්ධිය ඇමෙරිකාවට කළු පැල්ලමක් වූ අතර, ඉන්පසු කැපිටල් හිල් ගොඩනැගිල්ලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.
පොලිස් නිලධාරීන් යට කිරීමේ සිදුවීමෙන් පසු කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තවත් තර කළ බව කැපිටල් හිල් වැඩ බලන පොලිස් ප්‍රධානී යෝගනන්ද පිට්මන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
කැපිටල් හිල් පොලිස් නිලධාරීන්ට එල්ල වුණු 'ප්‍රහාරය' සම්බන්ධයෙන් කොංග්‍රස් කථා නායිකා නැන්සි පෙලොසි සොව පළ කර තිබේ.
ප්‍රහාරය හෙලා දකිමින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මියගිය සහ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිහි කරමින් අගනුවර ජාතික ධජ ලබන 6 වැනිදා තෙක් අඩකුඹුකර තබන ලෙසය.
ඩේලිමේල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd