IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කඳවුරට වඩා යුදබිම හොඳයිලු

ග්‍රීසියේ පිහිටි සංක්‍රමණික කඳවුරක දරුවන් විශාල ප්‍රමාණයක් උණ සහ පාචන තත්ත්වයන් වලින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ග්‍රීසිය හා මැසිඩෝනියාව අතර දේශසීමාවේ ඉඩොමෙනි නමැති ස්ථානයේ මේ සංක්‍රමණික කඳවුර පිහිටා ඇත. එහි 14,000ක් පමණ සංක්‍රමණිකයෝ සිටිති. ඔවුන් සිරවි සිටින්නේ බෝල්කන් රටවල් සංක්‍රමණිකයන් ඇතුළු වීම වැළැක්වීමට දේශසීමා වසා දැමීම හේතුවෙනි.

මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳවුරු භූමිය මඩ වී ඇති බවත් දරුවන් අධික පිඩාවට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි. දිවා කාලයේ පවා මේ ප්‍රදේශයේ පවතින්නේ ඉතා අඩු උෂ්ණත්වයකි. එය සෙන්ටිග්‍රේට් අංශක පහක් වැනි ප්‍රමාණයකි. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසා ඇත්තේ කඳවුරේ සිටින අයගෙන් සියයට 40ක් පමණ කුඩා දරුවන් බවයි. සනීපාරක්ෂක තත්ත්වය දුර්වල වීම හේතුවෙන් ඔවුන් ස්වසන ආබාධවලින් ද පෙලෙන බව ද වාර්තා වේ. උණුසුම ලබා ගැනීමට ප්ලාස්ටික්, පොලිතීන් බෑග් හා රෙදි පිලිස්සීම හේතුවෙන් අහිතකර වායු ස්වසනය කර තත්ත්ව තවත් උග්‍රවෙමින් පවතින බව ද සෞඛ්‍ය සේවා අනතුරු අඟවයි.

කඳවුරේ සිටින බොහෝ දෙනකු දැන් පවසන්නේ සිරියාවේ බෝම්බ පිපිරීම් හා යුද්ධය කඳවුරේ දැන් පවතින තත්ත්වයට වඩා කිහිප ගුණයකින් යහපත් බවයි.



අදහස් (0)

කඳවුරට වඩා යුදබිම හොඳයිලු

සරත් Saturday, 12 March 2016 03:59 PM

කොහොමද 2009 යුද්දේ ඉවර උනාට පස්සේ ,ලංකාවේ කඳවුරු ගැන කට්ටිය විවේචනය කරපු හැටි. කියනකොට එහෙමයි ,කරනකොට මෙහෙමයි.ගෝඨා හොඳ වැඩක් කලේ කියල පිළිගන්න ඕනේ.ආණ්ඩුවත් ,දොස්තරලත් ,හමුදාවත් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා .(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site