IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කන්සර්වේටිව් පක්ෂයට බහුතරය අහිමි වෙයි ?

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂය බහුතරයට මදක් අඩු ආසන ප්‍රමාණයක් දිනාගනු ඇතැයි බී.බී.සී පුවත් සේවයේ අනාවැකි පෙන්වාදෙයි.

ඒ අනුව මහ මැතිවරණයෙන් පසු බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය කන්සර්වේටිව් පක්ෂය වනු ඇති අතර කම්කරු පක්ෂයේ ගියවර වඩා ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇතැයි පැවසේ. මේ තත්ත්වය මත බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව තුළ කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවීම නිසා සභාග පාර්ලිමේන්තුවක් නිර්මාණය වනු ඇතැයි ද මත විමසුම් පෙන්වාදෙයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ සාකච්ඡා ශක්තිමත් කරගැනීමේ අරමුණින් හදිසි මැතිවරණයක් කැඳවූ අගමැතිනි තෙරේසා මේ මහත්මියට මෙම ඡන්ද ප්‍රතිඵලය ඉතා අවාසිදායක සහ ලැජ්ජා සහගත තත්ත්වයක් වනු ඇත.

කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් අගමැතිනියට කඩිනමින් ඉල්ලා අස්වන්නැයි ප්‍රකාශ කර තිබෙන නමුත් තම පක්ෂය එක්සත් රාජධානියේ ස්ථාවරත්වය සුරක්ෂිත කරන බව ප්‍රකාශ කර තිබේ.

“මේ අවස්ථාවේදී අන් කිසිදු දෙයකට වඩා රටට අවශ්‍ය වෙන්නේ ස්ථාවරත්වය” යැයි අගමැතිනි තෙරේසා මහත්මිය මේ කීවාය.
“ඒ වගේම දැනට තිබෙන වාර්තා අනුව, ඒවා සියයට සියයක්ම නිවැරැදි නම් කන්සර්වේටිව් පක්ෂය වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ වගේම වැඩි ඡන්ද ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව රට තුළ ස්ථාවරත්වය ඇති කිරීමේ වගකීම පැවරෙන්නේ අප මතයි. අපි මේ රටේ තිබෙන ස්ථාවරත්වය සුරක්ෂිත කරනවා” යැයි ද ඇය කීවාය.

මැතිවරණ ප්‍රතිඵලවලින් ඇයට ඡන්ද අහිමි වී තිබෙන බවත් ඡන්ද දායකයන්ගේ විශ්වාසය සහ සහයෝගය නැති වී ගොස් තිබෙන අයුරුත් පෙන්වන බව ජෙරමි කෝබින් මහතා කීවේය.

“ඒකාධිපතිත්වයක් ලබාගැනීමෙන් අරමුණින් අගමැතිනිය නියමිත කාලයට කලින් මැතිවරණයක් ප්‍රකාශයක් පත් කළා. බහුතර බලයක් දිනාගැනීමට හැකිවනු ඇතැයි ඇය අපේක්ෂා කළා” යැයි ජෙරමි කෝබින් මහතා ලන්ඩනයේදී පැවැසීය.

“ දැනට නිකුත් මනාපවලින් පණිවිඩයක් පෙන්නුම් කරනවා නම් එය මෙයයි. අගමැතිනියට ජනතා වරම අවශ්‍ය නිසා මේ මැතිවරණය කැඳවූවා. ඡන්ද මැතිවරණවලින් කන්සර්වේටිව් පක්ෂයට තිබූ ආසන අහිමිවෙලා. ඡන්ද අහිමි වෙලා. ඡන්ද දායකයන්ගේ සහයෝගය නැති වී ගිහින් ජනතාව තිබූ විශ්වාසය නැතිවෙලා.“

“ඇයට ධුරයෙන් ඉල්ලා අස්වෙන එක ප්‍රමාණවත්. මේ රටේ සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දී ඇය ධුරයෙන් යා යුතු” යැයි ද කම්කරු පක්ෂයේ නායකයා කීය.


බ්‍රිතාන්‍යය වේලාවෙන් එරට දහවල් වන විට මැතිවරණයේ අවසාන ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ලිබරල් ඩිමොක්‍රටික්)  නික් ක්ලේග් කම්කරු පක්ෂයේ අපේක්ෂකයකු හමුවේ පරාජයට පත්වීම මෙවර මැතිවරණයේ තවත් සුවිශේෂී සිදුවීමක් විය.

නික් ක්ලේග් 2010 වසරේ සිට 2015 වසර දක්වා පැවැති කන්සර්වේටිව් පක්ෂය සමඟ පැවැති සභාග ආණ්ඩුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද විය.

මෙම මැතිවරණයෙන් වෙස්ට්මින්ස්ටර් මන්ත්‍රීවරුන් 650 දෙනකු තෝරාපත් කරගන්නා අතර මිලියන 45.8 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූහ. බහුතරය දිනාගැනීම සඳහා පක්ෂයක් ආසන 326ක් දිනාගත යුතු ව තිබේ.

දැනට තිබෙන අනාවැකිවලට අනුව කන්සර්වේටිව් පක්ෂය ආසන 318 ක් දිනාගනු ඇතැයි පැවසේ. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව දිනාගැනීමට තවත් ආසන අටක් අඩුය.

කම්කරු පක්ෂය ආසන 267ක් දිනාගනු ඇතැයි පැවසෙන අතර එය පසුගිය වරට වඩා ආසන 35ක් දිනාගැනීමට සමත් වනු ඇත. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන තුනක්, ස්කොට්ලන්ත ජාතික පක්ෂය ආසන 24ක් පරාජයට පත්වනු ඇතැයි ද පැවසේ. ඒ අනුවට ස්කොට්ලන්ත ජාතික පක්ෂයට හිමිවනු ඇත්තේ ආසන 32ක් පමණි.

හරිත පක්ෂය පසුගිය පෙර පැවැති ආසනය තවදුරටත් සුරක්ෂිත කරගනු ඇතැයි ද වේල්සයේ පක්ෂය වන ‘ප්ලෙයිඞ් සිම්රු’ ආසන තුනක් දිනාගැනීමට සමත්වනු ඇතැයි ද පැවසේ.

බී.බී.සි  055



අදහස් (0)

කන්සර්වේටිව් පක්ෂයට බහුතරය අහිමි වෙයි ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site