
කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් ගිනිගෙන පුපුරා ගියේය. පිපිරුමත් සමඟ මහා ගිනි ජාලාවක් නිර්මාණය විය.
පිපිරුමටත් ගින්නටත් හසුවී මියගිය ගණන 3 කි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 270 කි. බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
ට්‍රක් රථයක් ගිනිගෙන පුපුරා ගියේ මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉදිරියේය. මහල් නිවාස ගොඩනැගිල්ල පුරා ගින්න පැතිරෙද්දී, මහල් නිවාසවල වැසියන් බොහෝ දෙනකු නිදාගෙන සිටි බව ද පැවැසෙයි.
ගින්න නිවා දැමීමටත් ගින්නට කොටුවී සිටි පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd