වැනිසියුලාවේ ප්‍රධාන සත්වෝද්‍යාන බොහොමයක සතුන් බඩගින්න නිසා මිය යතියි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ආහාර හිඟ වී මාස හයක පමණ සිට සතුන් මිය යන බව කියති.

සත්වෝද්‍යාන සේවකයන් පවසා ඇත්තේ සමහර සතුන් මිය යෑමට පෙර සති දෙකක පමණ කාලයක් නිරාහාරව සිට ඇති බවයි. සිංහයන් සහ කොටියන් වැනි මාංශ භක්ෂක සතුන්ට මස් වෙනුවට අඹ සහ වට්ටක්කා වැනි ද්‍රව්‍ය ලබාදෙන බවද හෙළි වී ඇත.

රට ආර්ථික අර්බුදය මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි විචාරකයෝ බවසති. එහෙත් ආහාර හිඟ වීම නිසා සතුන් මිය යන බව වැනිසියුලා රජයේ බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

_90542820_034247094-1 _90542822_034247087-1 _90542824_034247107-1