තලේබාන් සංවිධානය පසුගිය සති දෙකක කාලයේදී සිවිල් වැසියන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි ‘ඇෆ්ගනිස්තාන ස්වාධීන මානව හිමිකම් කොමිසම’ සඳහන් කරයි.
තලේබාන් සංවිධානය ඉකුත් සති දෙකක කාලයේදී ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ පුද්ගලයන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි මානව හිමිකම් උපුටා දක්වමින් ටෝලෝ පුවත් සේවය ද වාර්තා කර තිබිණි.
ආගමික නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ නායකයන්, ප්‍රභූන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආකරක්ෂකයන්, මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන්, ගෝත්‍රික නායකයන් මෙලෙස ඝාතනය කර ඇතැයි ඇෆ්ගනිස්තාන ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශක සබිහුල්ලා ෆර්හාන්ග් පැවැසීය.
“යුධ නීතියට අනුව සිවිල් වැසියන්ට හානි කරන ඕනෑම සංවිධානයක් කරන්නේ යුධ අපරාධයක්” යැයි ද මෙතෙම කීය.
තලේබාන් සංවිධානයේ කන්දහාර් පළාතේ දිස්ත්‍රික්ක රැසක බලය අත්පත් කරගෙන ඇතැයි ද සිවිල් වැසියන් සිය ගණනක් සිර අඩස්සියට පත් කර ඇතැයි ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගිය සිකුරාදා සඳහන් කළේය. එම සිවිල් වැසියන් ඇෆ්ගනිස්තාන ආණ්ඩුව සමඟ සම්බන්ධතා පවත්වන බවට තලේබාන් සංවිධාන එම වැසියන්ට චෝදනා කරන්නේ යැයි ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කළේය.
තලේබාන් සංවිධානය පළාත් ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් ඥාතීන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාකනය කර ඇතැයි ද වාර්තා වේ. මියගිය අය අතර ඇෆ්ගන් හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ගේ ඥාතීන් ද සිටින බව වාර්තා වේ.
හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර දේශසීමාවේ තිබෙන් ස්පින් බෝල්ඩාක් දේශසීමාවේ පාලනය අත්පත් කරගෙන ඇතැයි ද වාර්තා වේ. ස්පින් බෝල්ඩාක් දේශසීමාව පිහිටා ඇත්තේ කන්දහාර් පළාතේ ය.
(ඒ.එන්.අයි.)
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2348
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්දහාර් වැසියන් 33 ක් මරා දමලා