සුෂුම්නාවට සිදුව ඇති හානියක් නිසා ජීවිත කාලයම රෝද පුටුවක් මතට වී දිවි ගෙවීමට සිදුව ඇති පුද්ගලයින්ට නව බලාපොරොත්තුවක් ගෙන දීමේ සමත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගැනීමට හැකිවූවේයැයි ඇමරිකා විද්‍යාඥ පිරිසක් පවසති.
සුෂුම්නාවට හානියක් සිදුවුවහොත් එය නැවත තිබුණු තත්ත්වයට පත්කළ නොහැකි යැයි මේ දක්වා පැවැති විශ්වාසය විය.නියුරෝන හෙවත් ස්නායු ආවේග ගෙනයාමට ආධාර වන විශේෂ ෙසෙල වලින් සැදි සුසුම්නාව ඉතා සංකීර්ණ පද්දතියක් වන අතර එයට හානියක් සිදුවේ නම් එය නැවත තිබුණු තත්ත්වයටම පත්කිරීම නොකළ හැකි තරම් වේ.
එයින් සිරුරේ සියලූම චාලන මෙන්ම සංවේදක කටයුතු යාමනය කෙරෙන අතර සුසුම්නාවට හානියක් සිදුවුවහොත් සිරුරේ සම්පූර්ණ ප‍්‍රදේශයක සියලූ දැනීම් නැතිවී එම ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම අක්‍රීයව යයි.සුසුම්නාවට හානි සිදුවන්නන්ට බොහෝ අවස්ථාවන්හිදී රෝද පුටුවකට වී දිවි ගෙවීමට සිදුවන්නේ මේ හේතුව නිසාය.
තම පර්යේෂණයට අනුව මෙම තත්ත්වයට යම්තාක් දුරට ප‍්‍රතිකාරයක් කළ හැකි බව සොයාගැනීමට හැකිවූවේයැයි විද්‍යාඥ පිරිස පවසන්නෝය.
සුසුම්නාවේ කි‍්‍රයාකාරීත්වය අඩාළ වන්නේ එහි ඇති නියුරෝන සෛල වලට හානි වීම නිසා යැයි සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ එම නියුරෝන සෛල අලූත් සෛලයන්ගෙන් ප‍්‍රතිස්ථාපනය කර හැකිදැයි සොයාබැලීමයි මේ සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ මීයන්ය.නියුරෝන සෛල නිපදවීම සදහා ඔවුන් මිනිස් කුඹ සෛලයක් යොදාගෙන ඇත.
පර්යේෂණය සාර්ථක කරමින් එසේ නියුරෝන සෛලයන් ප‍්‍රතිස්ථාපනය කරවා මීයන්ගේ සිරුරේ අක්‍රීයව තිබූ කොටසකට නැවත ජීවය ලබාදීමට හැකිවූ බව ඔවුහු කියන්නෝය.
නියුරෝන සෛලයන් ප‍්‍රතිස්ථාපනය කළ පසු ඒවා ඉතා වේගයෙන් වැඩුණු බව ඔවුහු පවසන්නෝය.
කෙසේනමුත් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මිනිසුන්ට ලබාදීමට පෙර තවත් පර්යේෂණ බොහෝමයක් කළ යුතුව ඇතැයි ඔවුහු අවධාරණය කරන්නෝය.නියුරෝන සෛල වැඩුණු වේගය දෙස බලන විට එවන් නියුරෝනයන් සිරුරේ වෙනත් පටක පවා ආක‍්‍රමණය කළ හැකිවීමේ අවදානමක් ඇති බවත් ඊට මුලින්ම පිළිතුරු සෙවිය යුතුව ඇති බවත් ඔවුහු පෙන්වා දෙන්නෝය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්ද කැඩුනත් බය වෙන්න එපා
හේවාවිතාරණ Sunday, 10 August 2014 06:58 PM
මේවා අහලා කොන්ද කඩාගන්න එහෙම එපා (නි)
ජයත් Monday, 11 August 2014 10:24 AM
කවද කියල දන්නේ නැති නමුත් හොඳ ආරංචියක් අපේ අර සුෂුම්නාවට තුවාල වෙලා ඉන්න අහිංසක දොස්තර නෝනලා වගේ අයටමේක සහනයක් වේවි (දී)