
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජය, විධිමත් රැකියාවල නියුතු වැඩකරන සියලු කාන්තාවන්ට වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව එරට මෙවැනි නිවාඩුවක් ලබාදෙන පළමු ප්‍රාන්තය බවට පත්වන්නේ ද කර්ණාටක ප්‍රාන්තය වීම විශේෂයකි.
රජයේ සහ පෞද්ගලික සමාගම්වල සේවය කරන වයස අවුරුදු 18-52ත් අතර කාන්තාවන්ට සෑම මසකම එක් දිනක් ඔසප් නිවාඩු ලබා ගත හැකි අතර නිවාඩු ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවන බව සඳහන් වෙයි.
රැකියාවල නිරත කර්ණාටක ප්‍රාන්තයේ කාන්තාවන් 350,000 - 400,000ත් අතර ප්‍රමාණයක් ආවරණය වන බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම ඔසප් නිවාඩු සංකල්පය ස්පාඤ්ඤය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලද ක්‍රියාත්මක වෙයි.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කාන්තාවන්ට ඔසප් නිවාඩු