IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කාන්තාවට දෙව් මැදුරට එන්න දෙන්න

ඉන්දියාවේ මුම්බායි නුවර හජි අලි දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළු වීමට එරෙහිව පනවා තිබු තහනම ඉවත් කරන ලෙස මුම්බායි අධිකරණය නියෝග කළේය.එම නියෝගය පිළිගන්නා බවට එම දේවස්ථාන බලධාරීහු ද පවසති.

එවන් තහනමක් මගින් එරට ව්‍යවස්ථාව උල්ලංගනය වන බවත් ඉන් කාන්තාවන්ට අගතියක් සිදුවන බවත් අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම තහනම 2012 දී දේවස්ථාන බලධාරීන් විසින් පැනවූ අතර ඊට එරෙහිව කාන්තා සංවිධාන විරෝධතා පැවැත්විය.මෙම නියෝගය තමන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව එම සංවිධාන කියයි.

කාන්තාවන්ට ඇතුළු වීමට තහනම් දේවස්ථාන රැසක් ඉන්දියාවේ පවතියි.ඒවාට විරෝධය දක්වමින් විවිධ ව්‍යාපාර දියත් කෙරුණු අතර අධිකරණයෙ නඩු කිහිපයක් ද ගොනු කැරිණි.

මෙම නඩු තීන්දුව එහි විශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බව කාන්තා සංවිධාන කියයි.

“අපි ගොඩක් සතුටු වෙනවා අධිකරණය අප සමග සිටීම ගැන.මේක අපේ අරගලයේ ජයග්‍රාහි තීන්දුවක්.පිරිමින්ට පමණක් විවෘත වූ අපිට තහනම් වූ   දේවස්ථානයක් අද අපිට විවෘත වුණා.අපි ස්තුතිවන්ත වෙනවා ගරු අධිකරණයට හජි අලි දේවස්ථානයේ ඒකාධිකාරී ක්‍රියාවලිය නැවත්වීම ගැන  “යැයි කාන්තා සංවිධාන නායිකාවක් පැවසිය.



අදහස් (0)

කාන්තාවට දෙව් මැදුරට එන්න දෙන්න

ගුණසිරි Monday, 24 October 2016 08:03 PM

මේ ආගමික නායකයින් පවා මෙලොව එළිය දුටුවේ කාන්තාවකගෙන් නේද. ඇයි යථාර්ථවාදීව හිතන්න බැරි? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 24 October 2016 10:48 PM

නංගිලා, අක්කලා, අම්මලා, නැන්දලා, දුවලා ඔක්කොම එන්න. ඇවිල්ලා බුදු දහම වැළඳගන්න. බුදු දහම සමස්ත මනුස්සයාටයි. බුදු දහම ලෝකෙටම විවෘතයි. දහම ගැන සැකසංකා ඇතිවේ නම් තර්ක කළහැක. තර්කය තුළින් අවබෝධ කරගත හැක (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 25 October 2016 02:52 AM

බෞද්ධයෙක් වීම ගැන මම සතුටුවෙනවා. නීතිරීති වලට කොටු නොවී සමානාත්මතාවය ලොවට දායාදකළ බුදුහිමියන්ගේ දර්ශනය එදාට වඩා අදට ගැළපේ යැයි සිතේ (නි)

:       0       0

රාවන් Tuesday, 25 October 2016 04:21 AM

ඉස්ලාමිය නීතිය අනුව පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම දේවස්ථාන වලට යාමට අනුමැතිය ඇත, එය බල කිරීමකුත් නොවේ. මෙහිදී සිදුවී ඇත්තේ එක් පුද්ගලයෙකු විසින් නීතියක් ක්‍රියාත්මක කිරීමක්. (ම)

:       0       0

ප්‍රසන්න Tuesday, 25 October 2016 04:37 AM

අපේ නම් වැඩිපුරම පන්සල් යන්නේ ගැහැණු පාර්ශවය. (බ)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 25 October 2016 06:09 AM

ඒ වුනාට කාන්තාවන්ට දළදා මාලිගාවේ පත්තිරිප්පුවට යන්නත් බැරිවුණා නේද පිටබැද්දර ජයා ? (නි)

:       0       0

අක්රම් Tuesday, 25 October 2016 04:32 PM

සුන්නි මුස්ලිම්වරුන් අතර මෙවැනි තහනමක් නැත. ලංකාවේ ඉන්න මුස්ලිම්වරුන් සුන්නි මුස්ලිම්වරුන්ය. ලංකාවේ ගැහැණු පාර්ශ්වය විශේෂ අවස්ථාවල පල්ලියට යන අතර සිකුරාදා දවස්වලට ගැහැණු නොයාමට හේතුව ඉස්ලාම් ආගමට අනුව පල්ලිවල ගැහැණු පිරිමි පාර්ශ්ව කණ්ඩායම් ලෙස වඳින්නේ වෙන වෙනමය. ලංකාවේ පල්ලි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම එකවර වඳින්න ප්‍රමාණවත් මදිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 639 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site