ඉන්දියාවේ මුම්බායි නුවර හජි අලි දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළු වීමට එරෙහිව පනවා තිබු තහනම ඉවත් කරන ලෙස මුම්බායි අධිකරණය නියෝග කළේය.එම නියෝගය පිළිගන්නා බවට එම දේවස්ථාන බලධාරීහු ද පවසති.
එවන් තහනමක් මගින් එරට ව්‍යවස්ථාව උල්ලංගනය වන බවත් ඉන් කාන්තාවන්ට අගතියක් සිදුවන බවත් අධිකරණය ප්‍රකාශ කළේය.
මෙම තහනම 2012 දී දේවස්ථාන බලධාරීන් විසින් පැනවූ අතර ඊට එරෙහිව කාන්තා සංවිධාන විරෝධතා පැවැත්විය.මෙම නියෝගය තමන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව එම සංවිධාන කියයි.
කාන්තාවන්ට ඇතුළු වීමට තහනම් දේවස්ථාන රැසක් ඉන්දියාවේ පවතියි.ඒවාට විරෝධය දක්වමින් විවිධ ව්‍යාපාර දියත් කෙරුණු අතර අධිකරණයෙ නඩු කිහිපයක් ද ගොනු කැරිණි.
මෙම නඩු තීන්දුව එහි විශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බව කාන්තා සංවිධාන කියයි.
“අපි ගොඩක් සතුටු වෙනවා අධිකරණය අප සමග සිටීම ගැන.මේක අපේ අරගලයේ ජයග්‍රාහි තීන්දුවක්.පිරිමින්ට පමණක් විවෘත වූ අපිට තහනම් වූ දේවස්ථානයක් අද අපිට විවෘත වුණා.අපි ස්තුතිවන්ත වෙනවා ගරු අධිකරණයට හජි අලි දේවස්ථානයේ ඒකාධිකාරී ක්‍රියාවලිය නැවත්වීම ගැන “යැයි කාන්තා සංවිධාන නායිකාවක් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආගමික නායකයින් පවා මෙලොව එළිය දුටුවේ කාන්තාවකගෙන් නේද. ඇයි යථාර්ථවාදීව හිතන්න බැරි? (නි)
නංගිලා, අක්කලා, අම්මලා, නැන්දලා, දුවලා ඔක්කොම එන්න. ඇවිල්ලා බුදු දහම වැළඳගන්න. බුදු දහම සමස්ත මනුස්සයාටයි. බුදු දහම ලෝකෙටම විවෘතයි. දහම ගැන සැකසංකා ඇතිවේ නම් තර්ක කළහැක. තර්කය තුළින් අවබෝධ කරගත හැක (නි)
බෞද්ධයෙක් වීම ගැන මම සතුටුවෙනවා. නීතිරීති වලට කොටු නොවී සමානාත්මතාවය ලොවට දායාදකළ බුදුහිමියන්ගේ දර්ශනය එදාට වඩා අදට ගැළපේ යැයි සිතේ (නි)
ඉස්ලාමිය නීතිය අනුව පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම දේවස්ථාන වලට යාමට අනුමැතිය ඇත, එය බල කිරීමකුත් නොවේ. මෙහිදී සිදුවී ඇත්තේ එක් පුද්ගලයෙකු විසින් නීතියක් ක්‍රියාත්මක කිරීමක්. (ම)
අපේ නම් වැඩිපුරම පන්සල් යන්නේ ගැහැණු පාර්ශවය. (බ)
ඒ වුනාට කාන්තාවන්ට දළදා මාලිගාවේ පත්තිරිප්පුවට යන්නත් බැරිවුණා නේද පිටබැද්දර ජයා ? (නි)
සුන්නි මුස්ලිම්වරුන් අතර මෙවැනි තහනමක් නැත. ලංකාවේ ඉන්න මුස්ලිම්වරුන් සුන්නි මුස්ලිම්වරුන්ය. ලංකාවේ ගැහැණු පාර්ශ්වය විශේෂ අවස්ථාවල පල්ලියට යන අතර සිකුරාදා දවස්වලට ගැහැණු නොයාමට හේතුව ඉස්ලාම් ආගමට අනුව පල්ලිවල ගැහැණු පිරිමි පාර්ශ්ව කණ්ඩායම් ලෙස වඳින්නේ වෙන වෙනමය. ලංකාවේ පල්ලි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම එකවර වඳින්න ප්‍රමාණවත් මදිය (නි)