පූසකු රැගෙන ගුවන්යානයක යමින් සිටි කාන්තාවකගේ තර්ජනයක් හේතුවෙන් ගුවන් යානයක් හදිසියේම ගොඩබැස්සවීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ගොඩබස්වා ඇත්තේ ලාස් වේගාස් සිට ජර්මනියට ගමන් කරමින් තිබූ යානයකි. මේ යානයේ ගමන්ගත් කාන්තාවක් විසින් රැගෙන ගිය පූසෙක් ඇගෙන් ඉවත්කැර වැසිකිලියක තැබීමට කාර්ය මණ්ඩලය කටයුතු කළ බවත් ඉන් කෝපයට පත් වූ කාන්තාවගේ තර්ජනය හේතුවෙන් යානය ගොඩබැස්සවීමට සිදුවූ බවත් මාධ්‍ය වාර්තා කරයි.

තමන් සන්නද්ධ කල්ලියක සාමාජිකාවක බවත් ගුවන් යානය ගොඩබස්වන්නේ නැතිනම් සන්නද්ධ කල්ලිය කැඳවා ප්‍රහාරයක් එල්ලකරණ බවට ඇය තර්ජනය කැර ඇතැයි ගුවන් සේවා බලධාරීන් පවසයි. එම කාන්තාව යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකට පහර දී ඇතැයි ද දැනගන්නට ඇත. මේ කලබලය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රහාර ජෙට් යානා දෙකක් ද යානයේ ආරක්ෂාවට යොදවා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

යානය ගොඩබැස්සවූ පසු අදාල කාන්තාවගෙන් ප්‍රශ්න කළ ද ඇය අත්අඩංගුවට ගෙන නැත.