නයිජීරියාවේ බෝර්නො පළාතේ මයිදුගුරි නගරයේදී මරාගෙන මැරෙන කාන්තාවන් තිදෙනකු බෝම්බ පුපුරුවා ගැනීම හේතුවෙන් 30දෙනකු පමණ මියගොස් 80ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය අවතැන් කඳවුරක් ආසන්නයේ පිහිටි වෙළෙඳපොළක සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ විශාල පිරිසක් සිටි බවත් 28දෙනකු එම ස්ථානයේම මියගොස් සිටි බවත් වාර්තා වෙයි.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද පැවසේ.

එක් බෝම්බයක් පිපිරුණු පසු වෙළෙඳසල් වසන්නට සූදානම් වන අවස්ථාවේ අනෙක් බෝම්බ පිපිරුණූ බව වෙළෙන්ඳෝ පැවසූහ.

පොලිසිය පවසන්නේ නයිජීරියාවේ ක්‍රියාත්මක බෝකෝහරාම් ත්‍රස්ත කණ්ඩායම් විසින් මෙවැනි ප්‍රහාර එල්ල කරන නමුත් මරාගෙන මැරෙන කාන්තාවන් තිදෙනකු යොදාගෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව ද ආරක්ෂක අංශ පවසයි.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)