සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානිකරන රෝගී වෛරසයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ඇමෙරිකාව කළ අධ්‍යයනයකින් පළමු වරට හඳුනාගෙන තිබේ.
මේ වනවිට මෙම රෝගය යුරෝපය, ස්කැන්ඩිනේවියාව සහ ආසියාවට ද ව්‍යාප්ත වෙමින් පවතින බව හඳුනාගෙන ඇත.
මෙයින් පළමුව සාමාන්‍ය උණ රෝගයක් සෑදී පසුව මොළයෙහි ඉඳිමුම් තත්වයක් හටගන්නා අතර, මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුවේ.
ඇමෙරිකාවේ මුවන් බහුලව වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් කිනිතුල්ලන්ගේ වර්ධනයක් දැක ගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
කිනිතුල්ලන් කඳුකර පෙදෙස්වල සරණ මිනිසුන්ගේ ශරීරයේ රැඳී, සැඟව සිටිමින් සපාකන අතර මේ නිසා ආසාත්මිකතා මෙන්ම රෝග ද සෑදෙන බව තහවුරු කරගෙන ඇත.
කෙසේවුවත් මිනිසාට සිදුව ඇති හානිය තවමත් අවම මට්ටමේ ඇති බවත්, ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වාර්තා වේ.
කිනිතුල්ලන් සපාකෑම අවමකරගැනීම සඳහා සම ආවරණය කරගන්නැයිද, සපාකෑවිට එම ස්ථානය හොඳින් සෝදා හරින්නැයිද, කිනිතුල්ලන් සපාකෑම නිසා ඇති වූ බව සිතිය හැකි රතු ලප, සෑදුණු උණ රෝග, පසුගිය මාසයක පමණ කාලයක් තුළ දැකිය හැකි වූයේ නම් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්නැයිද වෛද්‍යවරු පවසති.
(බීබීසී ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැම තැනම පාහේ කිනිතුල්ලන් ඉන්නවා. ගෙවල් වල බල්ලන්, බළලුන් විශේෂයෙන් බලන්න ඕනේ. නිසි සැළකිල්ලක් නොදක්වන සුරතලුන් නිසා මෙය ලංකාවේ ව්‍යාප්ත වීමේ අවධානම වැඩියි.
ලංකාවේ අයාලේ යන බල්ලන් වැනි සතුන් වන්ධ්‍යාකරණයට පත් කිරීම කඩිනම් කලේ නැතිනම්.., ඉදිරියට එම සතුන් නිසා බෝවෙන රෝග පැතිරී ඩෙංගු වලට වැඩිය විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..., කිනිතුල්ලෝ ප්‍රශ්නය යුරෝපයේ තිබෙනවා. නමුත් එම රටවල අයාලයේ යන සුනඛ ප්‍රශ්නය එහෙම නොමැති නිසා, යම්කිසි මට්ටමකට පාලනය වෙලා තිබෙනවා. ලංකාවට අාවොත් නවත්වන්න නම් හම්බ වෙන්නේ නැහැ.
ලෙඩේ නම මොකක්ද?