
කාන්තා අයිතීන් සුරකින්නැයි තලේබාන් සංවිධානයට බලකරමින්, කාබුල් අගනුවර සමාජ ක්‍රියාකාරීනියන් පිරිසක් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණු බවත්, තලේබාන්වරුන් කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරිය බවත් වාර්තා වේ.
විරෝධතා පා ගමන කාබුල් ජනාධිපති මන්දිරය තෙක් පැවැත්වීමට සූදානම් විය. රැකියාවල නියැලීමට දිගටම අවසර දෙන ලෙසත්, තලේබාන්වරුන් පිහිටුවන නව රජයට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවත් පෙන්වා දෙමින්, මෙම රැලිය සංවිධානය කර තිබුණු බව ද පැවැසෙයි.
කාන්තා අයිතීන් සුරැකීමට තලේබාන් නායකයන් පොරොන්දු වී ඇති අතර නව රජයට සම්බන්ධ වීමට ද කාන්තාවන්ට ඉඩ ලබා දෙන බව පවසා තිබේ. එසේ සිදුවන්නේ ෂරියා නීතියට අනුව යැයි ද තලේබාන් සංවිධානය අවධාරණය කර ඇත. කෙසේ නමුත් අමාත්‍ය ධුර කිසිවක් කාන්තාවන්ට ලබා නොදෙන බව තලේබාන් නායකයන් තරයේ පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික අන්තවාදයෙන් රට පාලනය කරන්න ගියාම කාන්තා අයිතීන් රැකෙන්නේ නැහැ.