කැනඩාවේ ග්‍රාමීය ප්‍රදේශයක්වූ සස්කැච්වන් හි ඩෙනේ උසස් පාසැලට එල්ල කරන ලද තුවක්කු ප්‍රහාරයකදී පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. සැකකරු සහ වෙඩි තැබීමට යොදාගත් තුවක්කුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ප්‍රහාරයට හේතුව තවමත් පැහැදිලි නැති බව එරට රජය කියයි.
මේ වනවිට ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගි වි සිටින කැනඩා අගමැති ජස්ටින් ට්රුඩේයු ප්‍රකාශ කර ඇත්තේ මේ සිද්ධිය තමන්ට වාර්තා වු බවත් වෙඩි තැබීම සිදුවු පාසැලේ සිටි සිසුන්ගේ දෙමාපියන්ට පෙරදින මහත් භයංකරවූ රාත්‍රියක් බවට සැකයක් නැති බවයි.
ගිනි අවි පාවිච්චිය සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන් මෙවැනි ඝාතන කැනඩාවේ විරලය. කැනඩාවේ සිදුවු දරුණුම ඝාතනය වුයේ 1989 දි මොන්ට්‍රියල් හි එකොලේ පොලිටෙක්නික්හිදි පාසැල් සිසුන් 14 දෙනෙක් වෙඩි තබා මරා දැමිමේ සිද්ධියයි. 1992 දී මොන්ට්‍රියල් හි කොන්කෝර්ඩියා විශ්ව විද්‍යාලයේ සිදුවු වෙඩි තැබිමෙන් සිව්දෙනෙක් මියගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුද පුහුණුව නිකම්ම දෙයි. නයින්ට තව කිරි පොවලා ගත්නම් හරි. (බ)
මොනවා වුණත් දරුවෝ ගැනනම් දුකයි , හැබැයි ඉතින් මේ කරුම අපේ රටට නම් උවමනා නැහැ (අ)