IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කැනඩාවේ පාසලකට වෙඩි

කැනඩාවේ ග්‍රාමීය ප්‍රදේශයක්වූ සස්කැච්වන් හි ඩෙනේ උසස්  පාසැලට එල්ල කරන ලද තුවක්කු ප්‍රහාරයකදී පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. සැකකරු සහ වෙඩි තැබීමට යොදාගත් තුවක්කුව  පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ප්‍රහාරයට හේතුව තවමත් පැහැදිලි නැති බව එරට රජය කියයි.

මේ වනවිට ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගි වි සිටින කැනඩා අගමැති ජස්ටින් ට්රුඩේයු ප්‍රකාශ කර ඇත්තේ මේ සිද්ධිය තමන්ට වාර්තා වු බවත් වෙඩි තැබීම සිදුවු පාසැලේ සිටි සිසුන්ගේ දෙමාපියන්ට පෙරදින  මහත් භයංකරවූ රාත්‍රියක් බවට සැකයක් නැති බවයි.

ගිනි අවි පාවිච්චිය සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන්  මෙවැනි ඝාතන කැනඩාවේ විරලය. කැනඩාවේ සිදුවු දරුණුම ඝාතනය වුයේ 1989 දි මොන්ට්‍රියල් හි එකොලේ පොලිටෙක්නික්හිදි පාසැල් සිසුන් 14 දෙනෙක් වෙඩි තබා මරා දැමිමේ සිද්ධියයි. 1992 දී මොන්ට්‍රියල් හි කොන්කෝර්ඩියා විශ්ව විද්‍යාලයේ සිදුවු වෙඩි තැබිමෙන් සිව්දෙනෙක් මියගියහ.



අදහස් (0)

කැනඩාවේ පාසලකට වෙඩි

මහී Saturday, 23 January 2016 04:54 AM

ආයුද පුහුණුව නිකම්ම දෙයි. නයින්ට තව කිරි පොවලා ගත්නම් හරි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 23 January 2016 12:07 PM

මොනවා වුණත් දරුවෝ ගැනනම් දුකයි , හැබැයි ඉතින් මේ කරුම අපේ රටට නම් උවමනා නැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 539 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site